2.3 C
New York

ගුරුවරියත් ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනකුත් ආසාදනය වෙයි

Published:

පාසල් ගුරුවරියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඇගේ පන්තියේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට හා සිසුවියකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

හැටන් අධ්‍යාපන කාපයේ නොර්වුඩ් ප්‍රදේශයේ පාසලක මෙය සිදුව ඇත. ගුරුවරිය පසුගිය 28 වැනි දා හා 30 වැනි දා පාසලට පැමිණ ඉගැන්වීම් කටයුතුවල නිරතවූවාය. ඉන් අනතුරුව ඇයට හා ඇගේ දරුවන් දෙදෙනාට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබණි.

එම ගුරුවරිය හා ආශ්‍රිත වූ අනෙකුත් ගුරුවරුන්ට හා ඇ‌ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මෙම සිසුවා හා සිසුවිය ආසාදිත බව තහවුරු වී තිබේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ ඔවුන් දෙදෙනා ද රෝහල්ගත කර ඔවුන් හා ආශ්‍රිත වූ පුද්ගලයන් නිරෝධායනයට යොමුකරන බවයි.

Related articles

Recent articles

spot_img