2.3 C
New York

සෞඛ්‍ය උපදෙස් නොතකා රෝහලින් ගිය ග්‍රාම නිලධාරිනියට කොරෝනා

Published:

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (12) තහවුරු කළේය.

පසුගිය දිනක අසනීප වීම හේතුවෙන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි එම ග්‍රාම නිලධාරිනිය වෛද්‍ය නිර්දේශ නොතකා රෝහලින් පිටව ගොස් තිබිණි. එසේ රෝහලින් පිටව ගොස් සිටි ඇය පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු යොදනු ලැබීය.

ඒ අනුව කරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් සනාථ වී ඇත්තේ ඇය කොරෝනා ආසාදිත කාන්තාවක් බවයි. මේ වනවිට ඇය අම්බලන්තොට රෝහලට යළි ඇතුළත් කර සිටින බව ද සෞඛ්‍ය අංශ පවසයි.

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

Related articles

Recent articles

spot_img