spot_img
spot_imgspot_img

ගාල්ලේ දෙවැනි කොරෝනා මරණය අහුංගල්ලෙන්. නිරෝධායන නීති කඩා දේහය ඥාතීන්ට දීලා

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වී හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී නිවසට පැමිණ දින 14ක නිරෝධායන කාලය අවසන් කළ පුද්ගලයකු මියයාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඔහු මිය යනවිටත් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මළ සිරුරෙන් ජෛව සාම්පල රැගෙන කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වී තිබියදී කොරෝනා මරණ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත්කර ඇති චක්‍රලේඛ සියල්ල අමු අමුවේ උල්ලංඝනය දේහය ඥාතීන්ට භාර දී ඇත.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ අහුංගල්ලේ අක්කර 20 ප්‍රදේශයේ පදිංචි මෙම තැනැත්තා 54 හැවිරිදි අයකු බවයි. ඔහු කොරෝනා ආසාදනය වී හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලබා නිවසට පැමිණීමෙන් පසු නිරෝධායන දින 14ක් ද අවසන් කර ඇත. නිරෝධායනය අවසන් වී ඇත්තේ පසුගිය 06 වැනි දා ය. ඉන් පසු ඔහු තම රැකියාව සඳහා ද නිවසින් බැහරව ගොස් ඇත. ඔහු පසුගිය 09 වැනි දින නිවසේ දී මියගොස් තිබේ.

මරණ පරීක්ෂකවරයා විසින් මළ සිරුර බලපිටිය රෝහලට යැවීමෙන් පසු එහි දී මළ සිරුරෙන් ජෛව සාම්පල ලබාගනිමින් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ මියයන විට ඔහු කොරෝනා ආසාදිතයකු බවයි.

මෙම පීසීආර් පරීක්ෂණ වාර්තාව අනුව රජයේ චක්‍රලේඛවල ඇති නියෝග ප්‍රකාරව සිරුර ඥාතීන්ට භාරදිය නොහැකි අතර ඥාතීන්ගේ කැමැත්ත හා අවම පිරිස් සහභාගීත්වයකින් හැකි ඉක්මණින්. (මියගොස් පැය 24ක් ඇතුළත) දේහය ආදාහනය කළ යුතුය. නමුත් සිදුව ඇත්තේ සිරුර ඥාතීන්ට භාරදීමයි.

එලෙස භාරගත් දේහය ඥාතීන් විසින් නිවසට රැගෙන නොගොස් පුද්ගලික රථයකින් බලපිටිය ආදාහනාගාරයට ගෙනවිත් ඊයේ (11) ආදාහනය කිරීමට කටයුතු  සූදානම් කර තිබිණි.

මියගිය මෙම පුද්ගලයා කොරෝනා ආසාදිත බව දැනගත් ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි ඉක්මණින්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුම්වත් කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවවරු ආදාහනාගාරයට යවනවිටත් එහි සේවකන් පවා කිසිදු ආරක්ෂක උපක්‍රමයක් භාවිතා නොකර දේහය ආදාහනය සඳහා කටයුතු කරමින් සිටියහ. වහාම හැකි ඉක්මණින් දේහය ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරමින් ආදාහනය කිරීමට කටයුතු කළ මහජන සෞඛය පරීක්ෂකවරු මියගිය පුද්ගලයාගේ නිවස හා ඔහුගේ ආශ්‍රිතයන් වූ සියලුම පුද්ගලයන් හා මළ සිරුර හා සම්බන්ධ වූ සියලු දෙනාත් නිරෝධායනය යොමුකර තිබේ. මියගිය පුද්ගලයාගේ නිවස විෂබීජ හරණය කිරීමට ද කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!