spot_img
spot_imgspot_img

වැලි මැස්සාගෙන් දිස්ත්‍රික්ක තුනකට බලපෑම්

පුවත්

විදෙස්

වැලි මැස්සන් නිසා බෝවන ලීෂ්මනයිසිස් කියන හමේ රෝගය මේ වනවිට අනුරාධපුරය, කුරුණෑගල හා හම්බන්තොට ප්‍රදේශවල පැතිරීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.  මෙම රෝගය වැළඳුණු 500ක් පමණ පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ලීෂ්මනයිස් යනු වැලි මැස්සන් විසින් පතුරුවනු ලබන ඒක සෛලික පරපෝෂිතයකු නිසා සමේ ඇතිවන රෝගයකි. වැලි මැස්සන් දෂ්ඨ කළ විට සමට ඇතුළුවන මේ පරපෝෂිතයා සමතුළ වර්ධනය වී කුඩා බිබිලක් ලෙස මතුවෙයි. මේ බිබිලි වේදනාවක්, කැක්කුමක් හෝ කැසීමක් නොමැත.

සෞඛ්‍ය අංශ පවසන්නේ මේ රෝගය ශ්‍රී ලංකාවේ මුළින්ම වාර්තා වූයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටි යුද හමුදා සෙබළුන් අතර බවයි.

පර්යේෂකයන් පවසන්නේ sand fly යනුවෙන් හඳුන්වන කුඩා කෘමි විශේෂ 20කට වැඩි ප්‍රමාණයක් මේ පරපෝෂිතයා රැගෙන යන බවට විවිධ රටවලින් වාර්තා වී තිබෙන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වැලි මැස්සා ලෙස හඳුන්වන මේ රෝගය බෝකරන සත්ත්ව විශේෂය මෙතෙක් ස්ථිරව හඳුනාගෙන නැත. ඇතැමුන්ගේ විශ්වාසය වන්නේ දැනට මෙරට රෝගය වාර්තාවන ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන මදුරුවකුටත් වඩා ඉතා කුඩු හෝහපුටුවා ලෙසින් හඳුන්වන සත්ත්වයා විසින් මේ රෝගය ශ්‍රී ලංකාවේ බෝ කරන බවයි.

දැනට ලංකාවේ වාර්තා වන්නේ cutaneus හෙවත් චර්මීය හෙවත් සමෙහි මතුවන රෝග තත්ත්වය පමණි. ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ම අභ්‍යන්තර අවයව වලට ඉතා හානිකර විය හැකි රෝග ආකාරයන් වාර්තා වී තිබේ. .

මෙම ආකාරයේ බිබිලක් සම මතුපිට ඇත්නම් වහාම රජයේ රෝහලකින් ප්‍රතිකාර ගන්නා ලෙස ද සෙඛෟ්‍ය අංශ ජනතාව දැනුම් දෙයි. වේදනාවක්, කැක්කුමක්, කැසීමක් නොමැති වුවත් මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ පරපෝෂිතයාගේ වර්ධනය ශරීර අභ්යන්තරයට සිදු වුවහොත් එම අවයව වලට හානි සිදුවිය හැකිවීමයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ රටවල් 98ක පමණ මිලියන 12ක පමණ ජනතාවක් මේ වනවිට වැලි මැක්කන් විසින් ගෙන එන පරපෝෂිතයා හේතුවෙන් ලීෂ්මනයිස් රෝගයට ගොදුරු වී සිටින බවයි. සෑම වසරකම රෝගීන් ලක්ෂ 20ක් පමණ අලුතෙන් රෝගයට ගොදුරු වන බවත් මරණ 50,000ක් පමණ සිදුවන බවත් පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!