2 C
New York

දකුණෙන් අද ආසාදිතයන් 29ක්. වැඩිම පිරිස මාතරින්

Published:

දකුණු පළාතෙන් අද (12) කොරෝනා ආසාදිතයන් 29 දෙනකු හමුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.  

වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රදේශයෙනි. එම සංඛ්‍යාව 21කි. ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 04 දෙනකු හා ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 03 දෙනකු වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 07 දෙනෙකි. මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රදේශයෙන් ද ආසාදිතයකු වාර්තා වී ඇත.

මෙම ආසාදිතයන් සියලු දෙනාම රෝහල්ගත කිරීමටත්, ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනය සඳහා යොමුකිරීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img