2 C
New York

බස්නාහිර කොරෝනා රැල්ල තවත් ප්‍රදේශ කිහිපයකට යාමේ අවදානමක් ?

Published:

බස්නාහිර පළාතේ පවතින කොරෝනා රැල්ල මේ වනවිට රටේ අනෙකුත් ප්‍රදේශ වෙත ද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි.

ගාල්ල, හලාවත, මහනුවර වතුකරය වැනි ප්‍රදේශවලින් කොරෝනා පොකුරු බිහිවීමේ අවදානමක් පවතින බව හෙතෙම සඳහන් කළේය. ඔහු පවසන්නේ අම්පාර ප්‍රදේශයෙන් පවා මේ වනවිට රෝගීන් වාර්තා වෙමින් පවතින බවයි. මේ අනුව බස්නාහිර පළාතෙන් පිටත වෙනත් පළාත්වල ද රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් දක්නට ලැබෙන බව ද බාලසූරිය වැඩිදුරටත් කීවේය.

රෝගය මේ ආකාරයෙන් රට පුරා ව්‍යාප්ත වන්නේ නම් එය තේ කර්මාන්තය ඇතුළු කර්මාන්ත විශාල ප්‍රමාණයකට අහිතකර ලෙස බලපාන බවත් විශේෂයෙන් ම වතුකරයේ ජන ජීවිතයට වඩාත් හානිකර වන බවත් හෙතෙම සඳහන් කරයි

Related articles

Recent articles

spot_img