2 C
New York

“එළැඹෙන උත්සව සමයේ සංචරණය සීමා කිරීමේ තීරණයක් නෑ” – හමුදාපති

Published:

නත්තල් හා අලුත් අවුරුදු උත්සව කාලයේ දී රටපුරා හුදකලා කිරීමක් හෝ නිරෝධායන ඇඳිරිනීති පැනවීමක් හෝ සිදුකිරීමට තීරණය කර නැතැයි කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් උත්සව සමය ඉලක්ක කර ගනිමින් එවැනි තීරණයක් ගැනීමට නියමිත ද යන්න සම්බන්ධයෙන් පාර්ශව රැසක් විමසීම් සිදුකර ඇති බවයි හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියේ.

” දැනට පවතින තත්ත්වය මත එවැනි හුදෙකලා කිරීමක් සිදුකිරීමට අවශ්‍යතාවයක් පෙනෙන්නට නැහැ. නමුත් නව කොවිඩ් පොකුරු ඇතිවුවහොත්, එසේත් නොමැතිනම් කොළඹ හෝ කිසියම් ප්‍රදේශයක කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කළහොත් අපිට ඒ සම්බන්ධයෙන් තීරණ ගන්න සිදුවෙනවා. දෙසැම්බර් 22 වෙනිදා වන විට රටේ පවතින තත්ත්වය ගැන අප සමාලෝචනය කර ඒ ගැන තීරණය කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අද වන විට පවතින තත්ත්වය මත එවැනි හුදෙකලා කිරීමක්, සංචරණ සිමා පැනවීමක් හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් පෙන්නුම් කරන්නේ නැහැ” යැයි හමුදාපතිවරයා වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img