2.5 C
New York

රාත්‍රී අහස විසිතුරු කරන උල්කාපාත වර්ෂාව අද සිට දින තුනක්

Published:

ශ්‍රී ලාංකිකයන්ට අද (12) සිට 14 වැනි දා දක්වා රාත්‍රී අහසේ උල්කාපාත වර්ෂාව දැකගැනීමේ දුර්ලභ අවස්ථාව උදාවී තිබේ.

“ජෙමිනිඩ්” ලෙස නම්කර ඇති මෙම උල්කාපාත වර්ෂාව දැනට සිදුවෙමින් තිබෙන අතර එහි උපරිම අවස්ථාව අද සිට 14 වැනි දා දක්වා සිදුවන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ තාරකා පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගොඩ පවසයි.

මේ දිනවල රාත්‍රියේ සඳ නොමැති අහසක් ඇති බැවින් අහස වළාකුළුවලින් තොර වුවහොත් මේ උල්කාපාත වර්ෂාව හොඳින් දැකබලාගත හැකි බව හෙතෙම කීවේය. ඔහු පවසන්නේ ඉතා පහසුවෙන් හඳුනාගත හැකි දඩයක්කාරයා තාරකා රාශියට ඊසාන දිගින් පිහිටි මිථුන තාරකා රාශියේ මෙම උල්කාපාත වර්ෂාව ආරම්භවන ආකාරයෙන් ශ්‍රී ලාංකිකයන්ට එය දැකගත හැකි බවයි.

පෘථිවිය ආසන්නයෙන් ගමන් ගන්නා 3200 ෆයිටන් නම් ග්‍රහකයක් වටා ඇති කුඩා පාෂාණ කැබලි පෘථිවි ගුරුත්වයට හසුවී පෘථිවිය දෙසට ඇදී ඒමේ දී වායුගෝලයේ ගැටී ගිනි ගන්නා බැවින් වේගවත් ආලෝක ධාරා ලෙස ඒවා දිස්වෙයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දිනකට උල්කාපාත 50-60ක් අතර ප්‍රමාණයක් මේ ආකාරයෙන් දැකගත හැකි වනු ඇති බවයි.

Related articles

Recent articles

spot_img