2.5 C
New York

කොළඹ නිවාස සංකීර්ණ 06ක් හුදකලා බවින් මුදවයි

Published:

කොරෝනා පැතිරීමේ අවදානමක් හේතුවෙන් මෙතෙක් හුදකලා කර තිබූ කොළඹ නිවාස සංකීර්ණ කිහිපයක් අද (12)  උදෑසන 6.00 සිට යළි විවෘත කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මේ අනුව මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ උයන, මෝදර මිහිජය සෙවණ, ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන, ග්‍රෑන්ඩ්පාස් සමගි පුර, දෙමටගොඩ මිහිඳු සෙන්පුර උයන  හුදකලා බවින් ඉවත්කර තිබේ.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අද (12) උදෑසන 7.20 වේලාව සඳහන් කරමිනි. එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම මහල් නිවාසවල හුදකලා කර සිටි ජනතාවගෙන් බහුතරයක් පමණ හුදකලා බවින් නිදහස් වන බවත් අදාල නිවාස සංකීර්ණයෙන්හි සිදුකළ යුතු පීසීආර් පරීක්ෂණ නිමකිරීමෙන් පසු ලද ප්‍රතිඵල පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

Related articles

Recent articles

spot_img