spot_img
spot_imgspot_img

කොරෝනා ප්‍රතිකාර සඳහා හිස් කන්ටේනර් පෙට්ටි

පුවත්

විදෙස්

දකුණු කොරියාවේ වැඩිවන කොරෝනා රෝගීන් වෙනුවෙන් පහසුකම් සැලසීමට හිස් කන්ටේනර් පෙට්ටි යොදා ගැනීමට එරට බලධාරීන් සැලසුම් කර තිබේ.

කොරෝනා රෝගීන් හේතුවෙන් රෝහල් වල ඇතිවී තිබෙන තදබදය අඩු කිරීම සඳහා මෙම පියවර ගැනීමට සිදුවූ බව ඔවුහු පවසති.

ප්‍රථම වරට සෝල් නගරයේ මෙය ක්‍රියාත්මක කර තිබෙන අතර ස්ථාන 150 ක පමණ කන්ටේනර් පෙට්ටි යොදාගෙන ප්‍රථිකාර මධ්‍යස්ථාන ආරම්භ කර ඇත.

මිලියන 10ක ජනතාවක් වෙසෙන සියොල් නගරයේ රෝහල් වල දරුණු රෝගීන් සඳහා ඇඳන් 3%ක් ඉතිරිව ඇති අතර සියලුම රෝගීන් සඳහා ඉතිරිව ඇත්තේ 17%ක ඇඳන් ප්‍රමාණයකි.

අහඹු රෝගීන් සොයාගැනීම සඳහා  වසංග රෝග පරීක්ෂකවරුන් 50දෙනකු දිස්ත්‍රික්ක 25ක් වෙත යවා ඇති බව පැවසේ.

වසංගත රෝග විද්‍යා සමීක්ෂණ සඳහා සිකුරාදා (11) සිට මුධ හමුදාව ද කැඳවීමට තීරණය කර තිබේ.

දකුණු කොරියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින්බ40,098දෙනකු තහවුරු වී ඇති අතර මරන 564ක් සිදුවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!