2.5 C
New York

ගාල්ලේ ආසාදිතයන් හමු වූ ප්‍රදේශ

Published:

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පසුගිය 09 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණ 1729ක් අතරින් මේ වනවිට ආසාදිතයන් 25 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

එම ආසාදිතයන් අතර පාසල් ශිෂ්‍යාවන් 03 දෙනෙක් ඇතුළු කාන්තාවෝ 07 සහ පිරිමි 18ක් සිටිති.

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරන ලද පීසීආර් පරීක්ෂණ වුව ද ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවන් නොවන බූස්ස, රත්ගම, වැලිගම හා බෝපේ පෝද්දල පදිංචිකරුවන් 04 දෙනකු ද මේ සමග ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි 21 දෙනා අතරින් වැඩිම පිරිසක් වාර්තාවන්නේ දෙද්දුගොඩ දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසයෙනි. එම වසමේ කාන්තාවන් 06 දෙනෙක් සහ එක් පිරිමි අයකු ආසාදිත බව හඳුනාගෙන ඇත. එම කාන්තාවන් අතර එකම පවුලේ මව සහ පාසල් වයසේ දියණියන් දෙදෙනකු ද තවත් පවුලක මව සහ දියණිය ද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

මිලිද්දුව ග්‍රාම නිලධාරී වසමේ පදිංචි කරුවන් 06 දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන ඇති අතර 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ද මේ පිරිස අතර සිටිති.

මකුළුව ග්‍රාම නිලධාරී වසමේ එකම නිවසක පදිංචි පිරිමි පුද්ගලයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇත. දංගෙදර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමෙන් පිරිමි පුද්ගලයන් දෙදෙනකු ද, දෙද්දුගොඩ උතුර, කටුගොඩ හා දේවතුර ග්‍රාම නිලධාරී වසම්වලින් ද ගිංතොට කටුගොඩ ග්‍රාම නිලධාරී වසමෙන් එක් පිරිමි පුද්ගලයකු බැගින් ද කොරෝනා ආසාදිත වූ බවට හඳුනාගෙන තිබේ.

Related articles

Recent articles

spot_img