spot_img
spot_imgspot_img

වැලිගම සංචරණය සීමා උල්ලංඝනය කිරීම් දිගටම. පාලනයට හමුදාව ?

පුවත්

විදෙස්

වැලිගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 06කට සංචරණ සීමා පනවා ඇතත් ඇතැම් පිරිස් සංචරණ සීමා උල්ලංඝනය කරමින් අතුරු පාරවල් ඔස්සේ වෙනත් ප්‍රදේශවලට ගමන් කරන බව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කොරෝනා ආසාදිතයන් 24 දෙනකු එකම දිනක දී වාර්තාවීම හේතුවෙවන් මෙම ග්‍රාම නිලධාරී වසම් 06 සඳහා සංචරණ සීමා පැණවීමට ආණ්ඩුකාර විලී ගමගේගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී තීරණය කරන ලද්දේ පසුගිය 09 වැනි දා රාත්‍රියේය.

ඒ අනුව ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර , අලුත් විදිය, කොට්ටේගොඩ, කොහුණුුගමුව,හෙට්ටිවිදිය යන ග්‍රාම සේවා වසම් 06ට නැවත දැනුම් දෙනතුරු සංචරණ සිමා පැනවිමට පියවර ගන්නා ලදි.

මෙම ප්‍රදේශ වලට ඇතුලත් වන මාර්ග වල මාර්ග බාධක යොදා පොලිස් නිලධාරීන් සේවයේ යොදවා තිබුනද ඇතැම් පිරිස් විසින් සංචරණ සිමා උල්ලංඝනය කරමින් අතුරු මාර්ග ඔස්සේ වෙනත් ප්‍රදේශ වලට සංචරණය කරන බවට තොරතුරු ලැබි ඇති බව සෞඛ්‍ය අංශයේ අනාවරණය කරයි.

මෙ සම්බන්ධයෙන් වැලිගම මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ඩි.එම් අබේසේකර මහතාගෙන් කළ විමසීමකදී කියාසිටියේ දැනට වැලිගම පොලිසියේ නිලධාරීන් රාජකාරි සදහා යොදා තිබුණ ද තවදුරටත් සංචරණ සිමා පනවා ඇති ප්‍රදේශ සදහා ඉදිරියේදි යුධ හමුදා නිලධාරීන් යෙදවීමට අපෙක්ෂා කරන බවයි.

(තරංග ගුණරත්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!