2.5 C
New York

කොරෝනා ආසාදිතයන් 31,000 ඉක්මවයි

Published:

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 536ක් අද (11) දිනයේ හඳුනාගෙන ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ ඉන් ආසාදිතයන් 461ක් පෑළියගොඩ පොකුරේ ආශ්‍රිතයන් වන අතර අනෙක් 75 දෙනා බන්ධනාගාර ආශ්‍රිතයන් බවයි.

මෙම ආසාදිතයන් 536 දෙනා සමඟ මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 31,149ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අනුව දිවුලපිටිය, පෑළියගො හා බන්ධනාගාර පොකුරුවල සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 27,521කි. අද (11) ආසාදිතයන් 570ක් සුවය ලබා නික්ම යාමත් සමඟ මෙරට සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 22,831ක් දක්වා ඉහළ ගියේය.

Related articles

Recent articles

spot_img