spot_img
spot_imgspot_img

ගාල්ලේ කොටසකට දැඩි සීමා. පාසල් යළි වැසේ. දැනට කොරෝනා ආසාදිතයන් 25ක් අලුතෙන්

පුවත්

විදෙස්

ගාල්ල නගරයෙන් අද (11) දින කොරෝනා ආසාදිතයන් 25ක් අලුතෙන් වාර්තාවීමත් සමඟ ගාල්ල කොට්ඨාසයේ පාසල් සියල්ල තවදුරටත් වසා තැබීමටත් සංචරණ සීමා දැඩිකිරීමටත් තීරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

මෙම තීරණය ගනු ලැබුවේ අද (11) සවස ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ය. පෙරේදා (09) ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරන ලද පීසීආර් පරීක්ෂණ 1729කින් කොටසක ප්‍රතිඵල ලැබී ඇති අතර මේ වනවිට ඉන් 25 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ. ඊට අමතරව සැක සහිත 20 දෙනකු පිළිබඳ තවදුරටත් විශ්ලේෂණ කටයුතු සිදුකෙරෙමින් පවතී. සෞඛ්‍ය අංශ පවසන්නේ තවත් පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට නියමිත බවයි.

ගාල්ල කොට්ඨාසයේ සියලුම පාසල් අද (11) දක්වා මීට පෙර වසා දමා තිබුණු අතර දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ එම පාසල් තවදුරටත් ලබන සිකුරාදා (18) දක්වා වසා තබන බවයි.

මේ අතර ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොන්ගහ, තලාපිටිය, මිලිද්දුව, මකුළුව, දෙද්දුගොඩ උතුර, ඇත්තිලිගොඩ දකුණ යන මෙතෙක් සීමා සහිත සංචරණ සීමා පනවා තිබූ ග්‍රාම නිලධාරී වසම් ද ඇතුළුව දංගෙදර නැගෙනහිර සහ දෙද්දුගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසම් දෙකට ද දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත. නැවත දැනුම් දෙනතුරු මෙම ප්‍රදේශවල පදිංචි කිසිදු පුද්ගලයකුට අත්‍යාවශ්‍ය නොවන හේතුවකට තම නිවසින් පිටතට යා නොහැකි අතර පිටස්තර පුද්ගලයන්ට මෙම ප්‍රදේශයට ඇතුළුවීමට ද අවසර නොලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!