spot_img
spot_imgspot_img

විදෙස් හිමිගේ දේහය පොල්ගස්දූවට වැඩමවයි. අසත්‍ය ප්‍රචාර නවත්වන්න යැයි ඉල්ලීමක්

පුවත්

විදෙස්

රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන් සියදිවි නසාගන්නට ඇතැයි සිතිය හැකි කරුණු හෙළිදරව් වී තිබුණන ද ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා ඉඩ තබමින් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

මේ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අධිකරණ වෛද්‍ය විශේෂඥ ජානකී වරුෂාහැන්නදි මහත්මිය විසින් පසුගිය 10 වැනි දා පවත්වන ලදී. එහි දී වෛද්‍යවරියගේ නිගමනය වී ඇත්තේ හිමියන් දියේ ගිලෙන විටත් ජීවත්ව සිටි බවයි. අපවත්වූ හිමියන්ගේ කකුළක වයරයකින් ගැටගැසූ ගලක් තිබීම හේතුවෙන් මේ මරණය සියදිවි නසාගැනීමක් ද ඝාතනයක් ද යන්න පිළිබඳ තවදුරටත් පොලිස් පරීක්ෂණ සිදුවන අතර දේහයෙන් ලබා ගත් පටක සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය රසායනාගාරයට ද යවා තිබේ.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

මෙම හිමියන් පසුගිය 06 දා පිණ්ඩපාතය සඳහා ආරණ්‍ය සේනාසනයෙන් පිටත්ව ගොස් ඇති අතර ආපසු නොපැමිණීම හේතුවෙන් කරන ලද සොයාබැලීම්වල දී පසුගිය 08 වැනි දා හිමියන් භාවිතා කරන ඔරුව රත්ගම කලපුවේ පාවෙමින් තිබී සොයාගෙන තිබේ. ඉන් අනතුරුව හිමියන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හමුවී තිබිණි.

ජිනවංශ හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් විය හැකියැයි සැකයක් තිබූ බැවින් මරණය සම්බන්ධයෙන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා වැඩිදුර විමර්ශන සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයට නියෝග කළේය.

මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව ජිනවංශ හිමියන්ගේ දේහය පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයට බ්‍රහස්පතින්දා (10) රාත්‍රී වැඩමකරවන ලදී.

මේ සිද්ධිය පිළිබඳ ඇතැම් මාධ්‍ය ගෙන යන එම ප්‍රචාරයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ භික්ෂු සමාජය පිළිබඳවත්, ශ්‍රී ලංකීය බොදු සමාජය පිළිබඳවත් විදේශ රටවල ඇති ප්‍රතිරූපයට විශාල හානියක් සිදුවන බව සිරි වජිරාරාමාධිපති අමරපුර නිකායේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

එහි දැක්වෙන්නේ ජිනවංශ හිමියන් ඝාතනය කිරීමට කිසිදු පසුබිම් හේතුවක් නොවූ බවයි. හිමියන් සියදිවි නසා ගන්නට ඇති බවට සාධක ඇතත් වැඩිදුර පරීක්ෂණ සඳහා ඉඩ ලබා දී ඇති බැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය ජනතාව නොමග යවන සුළු ප්‍රචාරයන් සිදු නොකරන ලෙසත් නා හිමියෝ ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!