2.5 C
New York

ගාල්ලේ PCR ගැන යන කතා බොරු. ප්‍රතිඵල තවම නෑ

Published:

ගාල්ලේ කොරෝනා පැතිරීමේ අවදානමක් සහිත ප්‍රදේශවල පෙරේදා (09) පුද්ගලයන් 1729ක පිරිසකගෙන් ගන්නා ලද ජෛව සාම්පලවලින් කරන ලද පීසීආර් ප්‍රතිඵල අද (11) උදෑසන 10.00 වනවිටත් රසායනාගාරයෙන් සෞඛ්‍ය අංශ වෙත ලැබී තිබුණේ නැත.

මේ වනවිට පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල විශාල ප්‍රමාණයක් ලැබී ඇති බැවින් ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් විටින් විට ඒවායේ ප්‍රතිඵල නිකුත් කරන බව සෞඛ්‍ය අංශ පවසයි.

ප්‍රතිඵල ප්‍රමාදවීම හේතුවෙන් කොරෝනා ආසාදිතයන් පිළිබඳ තොරතුරු මාධ්‍යවෙතින් වාර්තා නොවීම නිසා ඇතැම් පිරිස් එම පීසීආර් පරීක්ෂණ 1729 අතර කිසිදු කොරෝනා ආසාදිතයකු නොමැති යැයි ප්‍රචාරය කරමින් සිටින අතර එහි සත්‍යතාවක් නැත.

පීසීආර් ප්‍රතිඵල ලැබුණු සැණින් ඒ පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට rata.lk අපි සූදානම්

Related articles

Recent articles

spot_img