spot_img
spot_imgspot_img

කොරෝනා මර්ධනයට අටලුගම බාධාවක් වෙයි?

පුවත්

විදෙස්

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අටලුගම ප්‍රදේශයේ කොරෝනා වසංගතය ව්‍යාප්තවන තත්ත්වයක් පවතිද්දී පදිංචිකරුවන් පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම බරපතල ගැටලුවක් බව බණ්ඩාරගම අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධරී ශ්‍රීමලී අමරසිංහ පවසයි.

අටලුගම ග්‍රාම නිලධාරී වසම් හතක පුද්ගලයන් 15,973ක් වාසය කරන අතර මේ වනවිට කොරෝනා ආසාදිතයන් 541ක් ඒ පිරිස අතරින් හඳුනාගෙන තිබේ. එම තත්ත්වය හේතුවෙන් අටලුගම මාරාව ග්‍රාම නිලධාරී වසමේ පදිංචි 2800ක පිරිසක් සඳහා පීසීආර් පරීක්ෂණ සහ රැපිඩ ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට ඊයේ (10) සැළසුම් කර තිබුණ ද ඒ සඳහා සහාභාගී වී ඇත්තේ 22ක් වැනි ඉතා සුළු පිරිසකි. අටලුගම අල් ගසාලි මහා විද්‍යාලයේ දී මෙම පරීක්ෂණ පැවැත්වීමට සැළසුම් කර තිබිණි.

මේ වනවිට අටලුගම ග්‍රාම නිලධාරී වසම් 07කින් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එහි මුළු ජනගහණයෙන් 3.38% කි. ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හා සසඳන විට මෙය ඉතා භයානක තත්ත්වයක් බව ද වෛද්‍යවරු කියති.

අටලුගම පදිංචිකරුවන් බහුතරයක් බණ්ඩාරගම, හොරණ, කළුතර, බේරුවල ආදී ප්‍රදේශවල ව්‍යාපාරයන්හි නිරතවන පුද්ගලයන් බැවින් ඔවුන් මෙලෙස පීසීආර් පරීක්ෂණ මඟ හැර සිටීම රෝග ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා බාධාවක් බව ද සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!