2.5 C
New York

ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් පිළිබඳ විස්තර

Published:

කොරෝනා ආසාදිතයන් 538 දෙනකු ඊයේ (10) දිනයේ දී හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 30,613ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ ආසාදිතයන් 304කි. මහනුවරින් 38, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28ක් ද වාර්තා වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මාධ්‍ය මධයස්ථානය පවසයි.

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 68 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වන අතර, එක් පුද්ගලයෙක් විදෙස් ජාතික නාවික ආරක්ෂක නිලධාරියෙක් වේ.

මේ අතර මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 26,981ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් පුද්ගලයින් 18, 853ක් පූර්ණ සුවය ලබා සිටී. 

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8,206කි

මේ අතර ඊයේ දිනයේදී ද කොරෝනා ආසාදිත වූ මරණ දෙකක් වාර්තා වීම හේතුවෙන් මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 146ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නිරෝධායන මධ්‍යස්ථාක 65ක පුද්ගලයින් 6,896ක් නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේ දී පීසීආර් පරීක්ෂණ 14,416ක් සිදුකර ඇති බවත් කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Related articles

Recent articles

spot_img