කොරෝනා වයිරසය චීනයේ වූහාන් පළාතෙන් පළමු වරට වාර්තාවීමට පෙර ඉතාලියේ රෝහලකින් ප්‍රතිකාර ලබාගත් ළමයකුට කොරෝනා සෑදී තිබී ඇතැය එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රකාශයට පත්කරන ලද නව වාර්තාවකින් දැක්වෙයි.
මිලාන් විශ්වවිදයාලයේ විශේෂඥයන් කණ්ඩායමක් විසින් කරන ලද අධ්‍යයනයකින් 2019 නෙවැම්බර් සිට 2020 පෙබරවාරි දක්වා කාලයේ දී රෝගීන් 39 දෙනකුගෙන් එකතු කරන ලද උගුර ආශ්‍රිත ඛේට සාම්පල විශ්ලේෂණය කිරීමෙන් කොරෝනා ආසාදිත අයකු හඳුනාගෙන තිබේ.
පර්යේෂකයන් පවසන්නේ මෙම සාම්පලය සිව් හැවිරිදි පිරිමි දරුවකුගේ බවයි. ඔහුගේ සාම්පලය ලබාගෙන ඇත්තේ දෙසැම්බර් මුල දී ය. මිලාන් ආසන්නයේ සංචාරක ඉතිහාසයක් නොමැති අයෙකු ලෙස ඔහු පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන පර්යේෂකයෝ කියති.
කැස්ස හා නාසයේ ශ්ලේෂ්මල පටලයේ දැවිල්ලක් සමඟ නොවැම්බර් 21 වැනි දින රෝහල්ගත කර ඇති අතර පසුව ශ්වසන රෝග ලක්ෂණ සහ වමනය සමඟ හදිසි ප්‍රතිකාර අංශයට යොමුකර තිබේ. ඉන් අනතුරුව දෙසැම්බර් මස ආරම්භයේය දී සරම්ප වැනි රෝග ලක්ෂණ ද මතුව ඇති අතර පසුව සැක සහිත සරම්ප සායනික රෝග විනිශ්චය සඳහා ද විමර්ශනය කර ඇත.
“ඉතාලියේ පළමු වරට වාර්තා වූ කොවිඩ් 19 ආසාදන සිද්දියට මාස තුනකට පමණ පෙර, ඉතාලියේ රෝගියකු තුළ කොරෝනනා පිළිබඳ පැරණිතම සාක්ෂි විස්තරය අපට ලැබී තිබෙනවා. මේ සොයාගැනීම යුරෝපයේ මුල් කාලීන කොවිඩ් 19 පැතිර යාමේ ආරම්භය තවත් ඉදිරියට යනවා” යැයි එම පර්යේෂකයෝ කියති.
කොරෝනා වසංගතය ඉතාලිය තුළ පැවැති බවට සාක්ෂි සොයාගත් පළමු වැනි අවස්ථාව ද මෙය නොවේ.