3.7 C
New York

සෞඛ්‍ය කරුණු සම්බන්ධයෙන් ජාති හා ආගම් ලෙස තීරණ නොගන්න යැයි අගමැති කියයි

Published:

සෞඛ්‍යයට බලපාන කරුණු සම්බන්ධයෙන් ජාතීන් හා ආගමික වශයෙන් තීන්දු තීරණ ගැනීමට නොහැකි බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සියු ජනවර්ගවල සහය අවශ්‍ය බවත්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (10) ප්‍රකාශ කළේය.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදාන කළ හැකි දැයි සොයා බැලීම සඳහා සෞඛ්‍ය ප්‍රධානීන් සමඟ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැති විශේෂ හමුවක දී ය.

වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහ භූමදානය කිරීමට සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමීයක් තෝරා ගන්න යැයි ද අගමැතිවරයා එහි දී උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයකුගේ දේහයේ දින 36ක් පමණ වයිරසය පවතින බවයි.

මෙම රැස්වීම සඳහා අමාත්‍යවරුන් වන අලි සබ්රි, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන පිරිස සහභාගී වී සිටියහ. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්.මුණසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

මේ කරුණු සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය සහයෝගය දෙන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ පැමිණ සිටි මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

Related articles

Recent articles

spot_img