3.7 C
New York

දකුණේ දෙවැනි කොරෝනා මරණය වැලිගමින්

Published:

කොරෝනා වසංගතයෙන් මියගිය දකුණේ පදිංචි දෙවැනි පුද්ගලයා (නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ) අද (10) වාර්තා වී ඇත.

වැලිගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් අද හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. ඩුබායි සිට පැමිණි ඇය නිරෝධායනය මධ්‍යස්ථානයක දී ආසාදිත බව තහවුරු කරගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට යවා ඇති අතර එහි දී අසාධ්‍ය වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබිය දී අද (10) මියගියාය. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ වකුගඩු රෝගී තත්ත්වයක් සමඟ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි.

මේ අතර කොළඹ 02 පදංිිිිචි 66 හැවිරිදි කාන්තවක් කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලෙන් හෝමාගම මූලික රෝහලට මාරු කර යවා සිටිය දී අද මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා හේතුවෙන් ඇති වූ හෘද වස්තුවේ ආසාදනයකි.

මෙම කාන්තාවන් දෙදෙනාගේ මරණ වාර්තාවීමත් සමඟ අද (10) රාත්‍රී 09.10 වන විට මෙරට සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව 146ක් ලෙස දැක්වෙයි.

Related articles

Recent articles

spot_img