spot_img
spot_imgspot_img

මුස්ලිම්වරු දේහ ආදාහනයට විරුද්ධ වුණේ නෑ. විරෝධතාව අන්තවාදී කණ්ඩායමක වැඩක්

පුවත්

විදෙස්

කොවිඩ් ආසාදිතව පුද්ගලයින් මිය යාමට පටන් ගත් මුල් අවස්ථාවේදී ජාති බේදයකින් තොරව එම මළසිරුරු ආදාහනය සඳහා පෙට්ටි ලබාදීමේ ගැටලුවක් කිසිසේත්ම ඇති වූයේ නැහැ. පෙට්ටි ලබා ගැනීම සඳහා මුදල් අපහසුතා ඇතිවූ අවස්ථාවන්හිදී සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් සියලුම ජාතීන් වෙනුවෙන් පරිත්‍යාගශීලින් වෙතින් ඒවා සපයා දීම සඳහා පෞද්ගලිකවම මා මැදිහත් වූයෙමි.

සමහර අවස්ථාවන්හි දී මුදල් තිබුනත් ඥාතීන් හට පෙට්ටියක් ක්ෂණිකව සපයා ගැනීමේ අපහසුතාවන් ඇතිවිය හැකියි රටේ පවතින වාතාවරණය තුළ. මන්ද ඔවුන්ද නිරෝධායන කටයුතු සදහා යොමු කරනු ලබන බැවින්. ගමේ සාමාජිකයින්ට සහ සමිති සමාගම් වලටද එම තත්වය හමුවේ ඉක්මනින් ක්‍රියාත්මක වීමට ලැබෙන ඉඩකඩද සීමිතයි..

මුල සිටම මුස්ලිම් ජනතාව අප සමග පවසා සිටියේ මේ අවස්ථාවේදී අප ආගමික කටයුතු වලින් බැහැරව බලපා ඇති භයානක තත්වයෙන් මිදීම සඳහා එක්ව කටයුතු කළ යුතු බවයි. අදටත් බොහෝ මුස්ලිම් සංවිධාන හා පරිත්‍යාගශීලීන් ඒ වෙනුවෙන් උදව් උපකාර කිරීමට කැමැත්ත දැක්වීම අගය කළ යුතුයි.

නමුත් මට හැඟෙන ආකාරයට නම් කිසියම් සංවිධානාත්මක වැඩ පිළිවෙලක් හරහා ජනතාව මුලා කරමින් සිදු කරන ලද්දක ප්‍රතිඵලයක් ලෙසයි මේ ආකාරයට මුස්ලිම් ජනතාව ආදාහනයට විරුද්ධව මෘතශරීර බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට යොමු වූයේ.

ඇත්තෙන්ම මා අදටත් පෞද්ගලිකව ගරු කරනවා මුස්ලිම් ජනතාව විසින් මරණයකදී අවශ්‍ය ආගමික වතාවත් සිදු කොට සිරුර රෙදි කඩකින් පමණක් ඔතා ඉක්මනින් මෘතශරීර භූමදානය කිරීමේ වැඩ පිළිවෙලට. එතුළ මා දකින විශේෂිතම දෙය තමයි පොලොව තුලට අනවශ්‍ය ආකාරයට පොලිතීන් ද්‍රව්‍යය එකතුවීම අවම වීම සහ වැඩි කාලයක් මෘතදේහ තැන්පත් කොට තබා නොගැනීම.

කොරෝනා වෛරසය නිසා අද පවතින තත්වය හමුවේ අපට අනිවාර්යයෙන්ම මෘතශරීර බහාලුමක බහාලීමට සිදු වනවා සෑම කොවිඩ් ආසාදිත මළසිරුරක්ම. එලෙස භූමදානය කළ හොත් අපගේ භූමියට ඉතා ඝනකමින් යුත් පොලිතීන් ආවරණ බොහොමයක් එකතු වනවා. මා මේ අවස්ථාවේදී පරිසරයට ආදරය කරන ඡායාරූපශිල්පියෙකු ලෙසටයි ඒවා ආදාහනය කිරීම වඩාත් සුදුසු යැයි පවසන්නේ.

සමහරුන් පවසනවා පෙට්ටි නොමැතිව ආදාහන කටයුතු සිදු කරන්නැයි කියා. නමුත් ආදාහනාගාර වෙතින් පෙට්ටි නොමැතිව මෘතශරීර බාර ගන්නේ නැහැ. බහාලුමක් තුල පමණක් ඇති මළ සිරුරු නම්‍යශීලී බව හේතුවෙන් ආදාහන කුටීරයට ඇතුලු කිරීමේ දී ප්‍රායෝගික අපහසුතාවයකට ලක් වනවා එම කාර්ය මණ්ඩලයන්. එම හේතුව නිසාවෙනුයි මා දකින්නේ පෙට්ටියක් භාවිත කිරීමේ දැඩි අවශ්‍යතාවය. ඒ සඳහා විශාල වටිනාකමින් යුතු පෙට්ටි අවශ්‍ය නැහැ. අවශතාවට සරිලන ආකාරයේ අඩු මුදලක එකක් හොඳටම ඇති. එයද විනිවිදභාවය තුලින් සිදු කිරීම මගින් පසු ගැටලු ඇතිවීම අවම කරගත හැකිවනු ඇත..

මෙම තත්වය තුල සියලු දෙනා එකමුතුව වාදභේදයන් අමතක කොට අප මුහුණ දී ඇති ගැටලු සහගත තත්වය තුල ඇති සත්‍යතාවය ඇති සැටියෙන්ම තේරුම් ගෙන ඒ වෙනුවෙන් ගත හැකි හොඳම තීරණයන් වෙත එලැඹෙමු අවස්ථාව ගැන සිතා.

(මෙම සටහන තුලින් කිසිදු ආගමකට හෝ පුද්ගල කණ්ඩායමකට අගෞරවයක් සිදු කිරීමේ චේතනාවක් නොමැති බව සඳහන් කරමි)

නලින් හේමන්ත කුමාර

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිල ඡායාරූප ශිල්පී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!