-2.5 C
New York

කොරෝනා එන්නතෙන් ආසාත්මිකතා ඇතිවන බව බ්‍රිතාන්‍යය කියයි

Published:

කෙරෝනා සඳහා බ්‍රිතාන්‍යයේ හඳුන්වාදුන් ෆයිසර්/බයෝන්ටෙක් එන්නත ලබාගත් දෙදෙනකුට ආසාත්මිකතා ඇතිවී තිබෙන බව බ්‍රිාතන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් එන්නතේ නිෂ්පාදන සමාගම පවසන්නේ ආහාර හා ඖෂධ සඳහා ආසාත්මිකතා දක්වන පුද්ගලයන් මෙම එන්නත නොගත යුතු බවයි

නව එන්නත ලබාදීමෙන් සුළු වේලාවකට පසු මොවුන් දෙදෙනා ආසාත්මිකතා රෝග ලක්ෂණ පෙන්වා ඇති අතර ප්‍රතිකාර වලින් පසු මේවනවිට සුවයෙන් පසුවන බව බලධාරීහු පවසති.

මොවුන් දෙදෙනාටම ආසාත්මිකතාව සම්බන්ද බරපතල ඉතිහාසයක් ඇති බව ද පැවසේ.

ආසාත්මිකතාව ඇති අයට එන්නත ගැනීමෙන් පසු, රුධිර පීඩනය පහත වැටීම, හුස්ම හිරවීම හෝ සමේ බිබිලි මතුවීම වැනි ලක්ෂණ පෙන්නුම් කළහැකි නමුත් ඒවා මාරාන්තික නොවන බව ඖෂධ නියාමන ඒජන්සිය පවසයි.

ඖෂධ නියාමන ඒජන්සියේ ප්‍රධානී ආචාර්ය ජූන් රේන් පවසන්නේ, නව එන්නක් ලබාදෙන අවස්ථාවක මෙය සාමාන්‍ය තත්ත්වයක් බවයි. මෙවැනි ප්‍රතික්‍රියා ඕනෑම එන්නතක් ලබාගැනීමෙන් පසු සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙයි

 ෆයිසර්/බයෝන්ටෙක් එන්නත බ්‍රිතාන්‍යය පුරා රෝහල් සායන වලදී ලබාදීම ඊයේ ආරම්භ කළ අතර දහස් ගනනකට එන්නත ලබාදුන් බව වාර්තා වේ.

Related articles

Recent articles

spot_img