-1 C
New York

දකුණේ කොරෝනා තත්ත්වය

Published:

දකුණු පළාතෙන් ඊයේ (09) දින කොරෝනා ආසාදිත පුද්ගලයන් 22ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ වැලිගම ගල්බොක්ක ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයන් 18 දෙනකු වාර්තා වන අතර අනෙක් සිව් දෙනා වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්, ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන්, බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් ආසාදිතයකු බැගින් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව දකුණු පළාතෙන් මේ දක්වා වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 368ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 228ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 108ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 32ක් වශයෙන් එම ආසාදිතයන් පිරිස වාර්තා වී ඇත.

මහගමගේ මහතා පවසන්නේ මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදනය වී රෝහල්ගත කර සිටි 128 දෙනකු සුවය ලබා ආපසු නිවෙස්වලට පැමිණ ඇති බවයි. මාතර දිස්ත්‍රික්කයේ සුවය ලැබූ පිරිස 34ක් වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ එම සංඛ්‍යාව 23 දෙනෙකි.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ 20,119ක් සිදුකර ඇති අතර, මාතර දිස්ත්‍රික්කයේ සිදුකර තිබෙන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 10,482කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පීසීආර් පරීක්ෂණ 10,926ක් සිදුකර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සංඛ්‍යාලේඛන අනුව පැහැදිලි වෙයි.

Related articles

Recent articles

spot_img