මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව අද 30,000 ඉක්මවා ගියේය. ඒ අද (09) වාර්තා වූ ආසාදිතයන් 694 දෙනා සමගිනි. ඊයේ (08) මධ්‍යම රාත්‍රිය ඉක්මයන විට ශ්‍රී ලංකාවන් වාර්තා වී සිටි සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 29,378කි. ඒ අනුව මේ වනවිට වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 30,072ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා ආසාදිතයන් 30,000 ඉක්ම ගිය ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හෝ රාජ්‍ය මාධ්‍ය කිසිවක් ඒ පිළිබඳ වාර්තා නොකර දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුර යනුවෙන් සඳහන් කරමින් එම පොකුරෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 26,181 ලෙස සඳහන් කර තිබේ. පෑළියගොඩ පොකුරේ ආශ්‍රිතයන් 335 දෙනකු අද වාර්තා වී ඇති බවත් ඒ අනුව අද දිනට එකතුව 26,516ක් බවත් සඳහන් කර ඇත.
මෙම සියළු සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 30,072කි.