7.4 C
New York

මහනුවර පාසල් නිල නිවසක සිටි කාන්තාවක් කොරෝනා ආසාදිතව මියයයි

Published:

මහනුවර ප්‍රධාන පාසලක නිල නිවසේ පදිංචිව සිටි කාන්තාවක මහනුවර ජාතික රෝහලේ දී මියගිය බවත් ඇය කොරෝනා ආසාදිත කාන්තවක් බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මෙම කාන්තාව පීසීආර් පරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු නිවසේ සිටිය දී හදිසියේ අසනීප වීම හේතුවෙන් පසුගිය 08 වැනි දා රාත්‍රී රෝහල්ගත කර තබේ. එම කාන්තාව මිය යාමෙන් පසු එම පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබී තිබේ. එම වාර්තාව අනුව ඇය කොරෝනා ආසාදිත කාන්තාවකි.

මෙම මරණයත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 02කි. මීට පෙර ගලහ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලකු කොළඹ තම දියණියගේ නිවසේ සිට ගලහට පැමිණෙමින් සිටිය දී අසනීප වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගියේය. ඔහු කොරෝනා ආසාදිත බව මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු කෙරිණි.

Related articles

Recent articles

spot_img