7.4 C
New York

සිරිපා වන්දනාව සෞඛ්‍ය උපදෙස් අනුව. සහතිකයක් නැතිව බෑ

Published:

ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උඳුවප් පොහොය දිනයේ ආරම්භ කරන බව පැවසේ. රට පුරා කොරෝනා වසංගත අවදානමක් තිබෙන බැවින් අවම පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය උපදෙස් අනුව වන්දනා කටයුතු ඇරඹීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව දෙසැම්බර් 27 වැනි දා සවස ශ්‍රී පාද රජමහා විහාරයේ සිට කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව 28 වැනි දා උදෑසන ශ්‍රී පාදස්ථානය දක්වා වැඩමකරවීමට නියමිතය. මාර්ග 04 ක් ඔස්සේ මෙය සිදුකරන බවත් එක් මාර්ගයකින් පුද්ගලයන් 50ක් වශයෙන් උපරිම පුද්ගලයන් 200ක් සහභාගී කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී පාද වන්නා සමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේ දී මෙම තීරණ ගෙන ඇත.

ඒ සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ද එක්ව සිටි අතර එහිදී ඔහු කියාසිටියේ මෙවර වන්දනා සමය අවම ජනතා සහභාගීත්වයකින් සිදුකරන  බවයි.

එමෙන්ම ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන සියලු බැතිමතුන් තමා අයත් ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වී ලියාපදිංචි සහතිකයක් ලබාගැනිම අනිවාර්ය බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

Related articles

Recent articles

spot_img