Forbes සඟරාව පළකර ඇති 2020 ලොව වඩා බලවත්ම කාන්තාවන් අතරට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක (Shemara Wickramanayake) ඇතුලත්ව සිටියි. ඇය එම ලැයිස්තුවේ 29 වන පත්ව ඇත.
ශෙමාරා එක්සත් රාජධාණියේ Macquarie සමූහ ව්‍ය්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනියයි. ඇය එම තනතුරට පත්ව ඇත්තේ 2018 දෙසැම්බරයේ දී ය. 1987 දී එම සමාගම හා සම්බන්ධ වූ ෂෙමාරා 2008 දී මැකවරි වත්කම් කළමනාකරණ ප්‍රධානියා ලෙස පත්වන තෙක් ඇය වසර 20 ක කාලයක් එම ආයතනයේ සේවය කර තිබිණි.
පුතුන් දෙදෙනකුගේ මවක් වන ඇය බැංකු කරුවකු වූ තම සැමියා නිවසේ රැඳී සිටිමින් තම වෘත්තිය කරගෙන යාමට විශාල සහයෝගයක් ලබා දෙන බව ද ඇය පවසා තිබේ.
1962 දී එක්සත් රාජධානියේ උපත ලබා ඇති ඇය එහි මෙන්ම ශ්‍රී ලංකාවේ ද වාසය කිරීමෙන් පසු සිය දෙමාපියන් සමග වයස 13 දී ඕස්ට්‍රේලියාවට ගොස් ඇත. ෂෙමාරාගේ පියා ශ්‍රී ලාංකීය වෛද්‍යවරයෙකි.
ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාකේල් මෙවරද ලොව වඩා බලවත්ම කාන්තාව ලෙස නම්කර තිබේ. ඒ අඛණ්ඩව 10 වැනි වරටයි. දෙවන ස්ථානය හිමිව ඇත්තේ යුරෝපා මහ බැංකුවේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාටේටයි. අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් තෙවන ස්ථානයේ පසුවෙයි.
මෙවර රටවල් 30 ක කාන්තාවන් ලයිස්තුවට ඇතුළත් අතර ඉන් දස දෙනෙක් රාජ්‍ය නායිකාවෝය. 38 දෙනෙකු ප්‍රධාන විධායක නිලධාරිනියන් වන අතර කලා ක්ෂේත්‍රයට අයත් වඩාත් බලවත් කාන්තාවන් ගණන 05 දෙනෙකි
දෙවන එළිසබෙත් මහ රැජිණට ලයිස්තුවේ 46 වන ස්ථානය හිමිව තිබේ. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ඩෙන් පසුවන්නේ 32 වන ස්ථානයේයි.
තායිවාන් ජනාධිපතිනි ට්සායි ඉන්ග් වෙන් 37 වන ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශ අගමැතිනි ශීක් හසීනාට හිමිව ඇත්තේ 39 ස්ථානයයි. නෝර්වේජියානු අගමැතිනී එර්නා සොල්බර්ග් ලොව වඩාත් බලවත් කාන්තාවන් අතර 52 වන ස්ථානයේ පසුවන්නීය.
(මහින්ද රූබසිංහ)