7.4 C
New York

ගාල්ලේ හෙට PCR සඳහා ජනතා සහය ඉල්ලයි

Published:

ගාල්ලේ කොරෝනා පැතිරයාමේ අවදානමක් ඇති බැවින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ස්ථාන 06ක  දී  හෙට (09) දිනය පුරා පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීම සිදුකරන බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

මේ සඳහා සහභාගී වී උපරිම සහය දෙමින් කොරෝනා වැළැක්වීම් ජාතික වගකීම ඉටුකරන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා ඇත.

පීසීආර් පරීක්ෂණ සිදුකරන ස්ථාන පිළිබඳ ලේඛනය පහත දක්වා ඇත.

01. බෙලිගහ හන්දිය අසළ කරාපිටිය දෙසට, දකුණුපස අරාබි භාෂා විද්‍යාලයය

02. හිරිඹුර සුලෙයිමානියා විද්‍යාලයය

03. හිදයත් වෙළඳ සංකීර්ණයේ ATM යන්ත්‍රය අසළින් ඇතුළට මොරගොඩ පාරේ හතරමං හන්දිය අසළ සේල් සෙන්ටර් පරිශ්‍රය

04. කෝන්ගහ පාරේ ශෙමාදර් පල්ලිය අසළ

05. අබ්දුල් වහබ් මාවතේ මොහියිදීන් ජුම්මා පල්ලිය ඉදිරිපිට

06. දංගෙදර පුංචි පල්ලිය අසල ස්ටීල් පාර ආරම්භයේ දකුණුපස හිස් භූමිය

Related articles

Recent articles

spot_img