-2.5 C
New York

PCR පරීක්ෂණ සඳහා ගාලු මුස්ලිම් ප්‍රජාවගේ සහය ඉල්ලයි

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොරෝනා පැතිරිමේ අවධානමක් පවතින බැවින් අවදානම් සහගත ප්‍රදේශවල වැඩි ජනගහනය වූ මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගය පීසීආර් පරීක්ෂණ සඳහා ලබාගැනීමට අද (08) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්වීමක් පැවැත්විණි.

සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ පෙරේදා (06) ග්‍රාම නිලධාරී වසම් 05ක පදිංචිකරුවන් සඳහා PCR පරික්ෂණ සිදුකළ ඒ සඳහා ජනතා සහයෝගය ප්‍රමාණවත් තරම් නොලැබුණු බවයි. ඇතැම් මුස්ලිම් ජාතිකයන් තම ආගමික විශ්වාසයන් හේතුවෙන් පීසීආර් පරීක්ෂණවලට පැමිණීමට මැළිකමක් දක්වන බැවින් අද ඒ පිළිබඳ ඔවුන්ගේ දේවස්ථානවල මවුලවිවරුන් හා ප්‍රජා නායකයන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන් දැනුම්වත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණි.

එහි දී සෞඛ්‍ය අංශ විසින් පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ වැදගත්කම පිළිබඳවත් ඉන් කිසිවෙකුට හානියක් හෝ අපසුතාවක් ඇති නොවන බවත් තමන් හා තම සමීපතමයන්ගේ ජීවති ආරක්ෂා කරගැනීම සඳහා පීසීආර් පරීක්ෂණ පැවැත්වීමේ වැදගත් කමත් පිළිබඳ මුස්ලිම් ප්‍රජාව දැනුම්වත් කරන ලෙස ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියේය.

ඒ අනුව මුස්ලිම් ආගමික නියේජිතයන් හා ප්‍රජා නායකයන් එම වගකීම ඉටුකිරීම සඳහා කටයුතු කරන බව දිසාපති ප්‍රමුඛ කණ්ඩායමට දැනුම් දුන්නේය.

Related articles

Recent articles

spot_img