7.4 C
New York

ගාල්ල බෝපේ පෝද්දලින් ආසාදිතයෙක් හමුවෙයි. පොදු ප්‍රවාහන සේවා භාවිතා කරලා

Published:

ගාල්ලේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තුංඉරිපාන ග්‍රාම නිලධාරී වසමේ පදිංචි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (08) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කොළඹ පුද්ගලික ආයතනයක සේවය කරන මෙම තැනැත්තා පොදු ප්‍රවාහන සේවා භාවිතා කරමින් කොළඹ ආයතනයේ රැකියාවට ගොස් ඇති බව අනාවරණය වී ඇත. ඔහුගේ ආශ්‍රිතයන් සොයා ගැනීම සඳහා දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඔහු රෝහල්ගත කිරිමට කටයුතු කළ බවත් සෞඛ්‍ය අංශ කීවේය.

මෙම තැනැත්තාගේ පවුලේ අය ඇතුළු දැනට හඳුනාගත් ආශ්‍රිතයන් කිහිප දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

Related articles

Recent articles

spot_img