කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වූ බව පවසන බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන්ට කොරෝනා ආරම්භය සෙවීමේ දී ඉන්දියාවේ විශාකාපට්නම් සිට පැමිණි සේවකයන් 343ක් අතරින් 10 දෙනකුට කොරෝනා සෑදී ඇති බව අනාවරණය වූයේ යැයි මහජන සාමය පිළිබඳ ඇමති සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ දී කීවේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එමෙන්ම එම කර්මාන්තශාලාවට කොරෝනා පැමිණීමේ ආරම්භය සොයාගැනීමේ විමර්ශන කටයුතුවලට සහභාගී වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20 දෙනෙකුට කොරෝනා සෑද ඇතැයි මහජන සාමය පිළිබඳ ඇමති සරත් වීරසේකර පාර්ලිමේන්තුවේ දී කීවේය.
බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් 1500ක පමණ පිරිසකට කළ පීසීආර් පරීක්ෂණවලින් ඉන් 400කට පමණ කොරෝනා වෛරසය ශරීගතව නොතිබූ බවත් එසේ වුව ද ඔවුන්ට කොරෝනා ආසාදනය වී සුව වූ අය දැයි සෙයා බැලීමට ඇන්ටිජන් පරීක්ෂණය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ විදේශිකයන් 07 දෙනකු සේවය කරන බවයි. ඉන් එක් අයකු එංගලන්තයට ගොස් පැමිණ නිරෝධායනය වී ඇතැයි ද ඉන්දියාවේ විශාකාපට්නම් සිට පැමිණි සේවකයන් 343 දෙනාගෙන් 10 දෙනකුට කොරෝනා සෑදී තිබූ බව ද විමර්ශනයෙන් ආනාවරණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ තොරතුරු ලබාදුන්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.