6.4 C
New York

ගාල්ල කොට්ඨාසයේ පාසල් 11 වැනි දා දක්වා වසා තැබෙයි

Published:

කොරෝනා පැතිරීමේ අවදානමක් හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දෙසැම්බර් 11 වැනි දා දක්වා වසා තැබීමට තිරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා පවසයි.

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සඳුදා (07) සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමුණ ද අධ්‍යාපන අමාත්‍යාංශ කියා සිටියේ ගාල්ල නගරයේ කරනුු ලබන පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව සෞඛ්‍ය අංශ සමඟ අඟහරුවාදා (08) පැවැත්වෙන සාකච්ඡාවකින් පසු පාසල් යළි විවෘත කරන දිනය පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

ඒ අනුව අද පැවැති සමාලෝචන රැස්විමකින් පසු ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් ලබන 11 දා (සිකුරාදා) දක්වා වසා තැබිමට තීරණය කර ඇත. ඒ අනුව පහත දැක්වෙන පාසල් සියල්ල යළි විවෘත කිරීමට නියමිතව ඇත්ත් ලබන 14 වැනි සඳුදා දිනයේ දී ය.

ජාතික පාසැල්

  1. මහින්ද විද්‍යාලය
  2. රිච්මන්ඩ් විද්‍යාලය
  3. රිපන් බාලිකා විද්‍යාලය
  4. සංඝමිත්තා බාලිකා විද්‍යාලය
  5. සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය
  6. ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලය
  7. විද්‍යාලෝක විද්‍යාලය
  8. සහිරා විද්‍යාලය
  9. මහල්හරුස් සුල්හියා විද්‍යාලය

පළාත් සභා පාසල්

  1. ශ්‍රී හෘදය කන්‍යාරාමය
  2. දංගෙදර ජයවර්ධන මහා විද්‍යාලය
  3. ඇත්තිලිගොඩ සුදර්ශි මහා විද්‍යාලය
  4. ගිංතොට මහා විද්‍යාලය
  5. පියතිස්ස මහා විද්‍යාලය
  6. ඔ්ල්කොට් මහා විද්‍යාලය
  7. පරමානන්ද මහා විද්‍යාලය
  8. සුධර්මා මහා විද්‍යාලය
  9. ඔ්ල්සෙන්ට්ස් මහා විද්‍යාලය
  10. දඩල්ල බී.ටී.එස්. මහා විද්‍යාලය
  11. ගිංතොට ධර්මපාල කණිෂ්ඨ විද්‍යාලය
  12. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලය
  13. උක්වත්ත කණිෂ්ඨ විද්‍යාලය
  14. මුස්ලිම් බාලිකා මහා විද්‍යාලය
  15. උස්වතුන් හසනා විද්‍යාලය
  16. දඩල්ල අල්-මුබාරක් කණිෂ්ඨ විද්‍යාලය
  17. හිරිඹුර සුලෙයිමානියා විද්‍යාලය
  18. කන්දෙවත්ත ත අල්-මිරාන් කණිෂ්ඨ විද්‍යාලය
  19. අල්හාජ් ඒ.ආර්.එම්.තාසිම් විද්‍යාලය
  20. අනුලාදේවී බාලිකා විද්‍යාලය
  21. අල් අක්සා ප්‍රාථමික විද්‍යාලය

Related articles

Recent articles

spot_img