දූෂිත ගනුදෙනු සහ ටෙන්ඩර් පටිපාටියෙන් තොර හදිසි විදුලි මිලදී ගැනීම් හේතුවෙන් විදුලි ඒකකයක් රුපියල් 50.00කින් ඉහළ දැමීමට රජයට සිදුවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එහි සභාපති රංජිත් විතානගේ විසින් තම අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දක්වා ඇත්තේ අනවශ්‍ය අවස්ථාවල දී දූෂිත ගනුදෙනු හරහා විදුලිය මිලදී ගැනීම හේතුවෙන් විදුලි බල මණ්ලයට සිදුව ඇති රුපියල් බිලියන 300කට ආසන්න පාඩුව පියවා ගැනීම සඳහා මෙලෙස විදුලි ඒකකයක මිල ඉහළ දැමීමට රජය සූදානම්වන බවයි.
ටෙන්ඩර් පිටිපාටියෙන් තොරව කෙටිකාලීනව අධික මිල ගණන්වලට විදුලිය මිලදී ගැනීම හේතුවෙන් මෙලෙස පාඩු සිදුව ඇති බව එම සංවිධානය පෙන්වා දී ඇත. එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ ගත වූ වසර ගණනාවක දී සෑම වසරකම මේ ආකාරයෙන් මෙගා වොට් 400ක පමණ විදුලි ප්‍රමාණයක්ක මිලදී ගෙන ඇති බවයි. එහි දී එක් ඒකකය මිල රුපියල් 35.00 සිට 65.00 දක්වා වී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මෙවැනි විදුලි මිලදී ගැනීමේ ගනු දෙනු දූෂිත හා නීති විරෝධි බව සඳහන් කරමින් ඒවාට අවසර දීම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර ඇත්තේ ඉදිරි වර්ෂයේ සිට මෙගා වොට් 700ක් කෙටි කාලීන පදනම යටතේ මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සැළසුම් කර තිබෙන බවයි. එම ගනුදෙනුව සිදුවුවහොත් ඉන් රටට වාර්ෂිකව රුපියල් බිලියන 175කට ආසන්න පාඩුවක් සිදුවනු ඇති බව ද මාධ්‍ය නිවේදනයේ දැක්වේ. ඒ අනුව ලබන වසරේ දී ලංකා විදුලි බල මණ්ඩලයේ සමස්ථ පාඩුව රුපියල් බිලියන 500ක් දක්වා ඉහළ යනු ඇත. මේ පාඩුව පියවා ගැනීමට ඇති එකම විසඳුම විදුලි බිල වැඩි කිරීම පමණක් වන බැවින් ලබන වසරේ සිට විදුලි ඒකකයක මිල රුපියල් 50.00ක් දක්වා ඉහළ දැමීමට සිදුවන ඇතැයි ද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
එසේ ඒකකයක මිල ඉහළ යාමක් සිදුවුවහොත් මාසිකව ඒකක 30ක උපරිමයක විදුලි භාවිතයක් ඇති පවුලක විදුලි බිල රුපියල් 1500.00කින් ද විදුලි ඒකක 90ක් මාසිකව භාවිතා කරන නිවසක විදුලි බිල රුපියල් 5000.00ක පමණ ප්‍රමාණයකින් ද ඉහල යනු ඇත.
මෙම සංවිධානය සිය මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ විදුලි ගාස්තු වැඩිවීමක දී රජය විදුලිය මිලදී ගත්තේ කවර මුදලක ද යන්න දැනගැනීමට විදුලි පාරිභෝගිකයන්ට අයිතියක් අති බවයි. එලෙස සියලු විදුලි ගනුදෙනු පිළිබඳ දැනගැනීමේ අයිතියක් පාරිභෝගික ජනතාවට ඇති අතරම විදුලි පාරිභෝගිකයාට විදුලි ගාස්තු වැඩිකිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට ද අයිතියක් ඇති බව එම සංවිධානය පවසයි.
විදුලිය සම්බන්ධ පැමිණිලි හා ආසාධාරණ සිදුවීම් පිළිබඳ පැමිණිලි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙසත් විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට එම සභාව කටයුතු කරන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිය මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.