රුහුණ විශ්වවිද්‍යාලයේ කරාපිටියේ පිහිටි වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන කොරෝනා ආසාදිත බව තහවුරු වූ ශිෂ්‍යාවකගේ පෙම්වතා පීසීආර් පරීක්ෂණයකට ලක්කර සිටිය දී එහී ප්‍රතිඵල ලැබීමට පෙර පැවැත්වූ සාදයක් හේතුවෙන් ගම්පොළ රෝහලේ ඒකක කිහිපයක් ම වසා දැමීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මෙම ශිෂ්‍යාව ආසාදිත බව තහවුරු වූ පසු ඇගේ පෙම්වතා වූ ගම්පොළ රෝහලේ සීමාවාසික පුහුණුව නිමා කළ වෛද්‍යවරයෙකි. ඔහු වෙනත් රෝහලක පත්වීම් ලබා යාමට නියමිතව තිබූ බැවින් සමුගැනීමේ සාද සංවිධානය කර තිබී ඇති. තමන්ට පීසීආර් පරීක්ෂණ පවත්වා තිබිය දී ඒ බව නොතකමින් වෛද්‍යවරයා එම සාද පෙර සූදානම් කළ පරිදිම පවත්වා තිබීම හේතුවෙන් එයට සහභාගී වූ වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ රැසක් මේ වනවිට නිරෝධායනයට ලක්කර සිටිති.
එමෙන් ම ගම්පොළ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය සහ වාට්ටු දෙකක් ද තාවකාලිකව වසා දැමීමට සිදුව ඇත. ඒවායේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි කාන්තාවන් සියලු දෙනා ම පේරාදෙණිය හා මහනුවර රෝහල්වලට මාරුකර යවා ඇත.
එම වෛද්‍යවරයා සීමාවාසික පුහුණුව නිමවා වෙනත් රෝහලක ස්ථිර පත්වීම් ලබා යාම වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ. ගමපොළ පුද්ගලික රෝහලක ශාලාවක පවත්වා ඇති මෙම සාදයට ඔහු සමඟ පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කළ තවත් වෛද්‍යවරුන් 13 දෙනකු ඇතුළු පිරිසක් ද සහභාගී වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කර නික්මයන වෛද්‍යවරු වෙනුවෙන් ගම්පොළ ශික්ෂණ රෝහලේ වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව තවත් සාදයක් පවත්වා ඇති අතර මේ සාද දෙකටම සහභාගී වූ පිරිස් සොයමින් සිටින බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
මේ පිළිබඳ මාධ්‍ය කළ විමසීමක දී ගම්පොළ ශික්ෂණ රෝහලේ අධයක්ෂ වෛද්‍ය චමිල් විජේසේකර කියා සිටියේ සඳුදා (07) සිට සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් ගැබිණි මව්වරුන්ගේ ප්‍රතිකාර ඒකකය සහ රෝහලේ 06 වැනි වාට්ටුවත් 09 වැනි වාට්ටුවත් තාවකාලිකව වසා දමා ඇති බවයි. මෙම වෛද්‍යවරයාගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනය කරමින් සිටින බවත් දැනටමත් රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් නිරෝධායනයට යොමුකර සිටින බවත් වෛද්‍ය විජේසේකර පැවසීය. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා ඉතාමත් කණගාටුවට පත්වන බවත් ඔහු පවසයි.
මේ වනවිට ගම්පොළ රෝහලේ වෛද්‍යවරු 20ක් ඇතුළු 50ක පිරිසක් නිරෝධායනයට මොමුකර සිටිති.