6.4 C
New York

ගාල්ලේ හීන්පැන්දලින් ආසාදිත තරුණයන් දෙදෙනෙක් වාර්තා වෙයි

Published:

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ හීන්පැන්දල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා ආසාදිත බව හඳුනාගත් මෙම තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙක් ගාල්ල පෙට්ටිගලවත්තේ දුරකථන අළෙවි සැළක සේවය කළ අයෙකි. අනෙක් තරුණයා ගාල්ල අධිවේගී මාර්ග පිවිසුම අසළ මුහුදු ආරක්ෂකයන් නිරෝධායනය සඳහා යොමුකරන හෝටලයක සේවකයෙකි. එසේ වුව ද සෞඛ්‍ය අංශ පවසන්නේ හෝටලයේ සේවය කරන එම තරුණයා පසුගිය 20 වැනි දිනයෙන් පසු හෝටලයේ රැකියාව සඳහා ගොස් නැති බවයි.

ඔහුට රෝගය වැළඳී ඇති ආකාරය අවිනිශ්චිත බැවින් මේ වනවිට වෛරසය සමාජගතවී තිබීම හේතුවෙන් මේ තරුණයාට රෝගය වැළඳෙන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරයි.

ඔවුන්ගේ දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරිමට දැනටමත් කටයුතු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරමින් සිටියි.

Related articles

Recent articles

spot_img