spot_img
spot_imgspot_img

මහර ගැටුමේ මළ සිරුරු සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ කිහිපයක්

පුවත්

විදෙස්

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධ පරික්ෂණ අවසන් වනතුරු ගැටුමෙන් මියගිය රැඳවූවන්ගේ සිරුරු අදාහනය කිරිමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාගම රෝහ‌ල් අධ්‍යක්ෂවරයටා දැනුම් දී ඇත.

මානව හිමිකම් කොමෂන් සභාව සඳහන් කරන්නේ එම සිරූරු මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධ පරීක්ෂණවල කොටසක් බවයි. මියගිය රඳවූවන් 11 දෙනාගෙන් 10 දෙනකුට ම කොරෝනා ආසාදනය වී තිබූ බව තහවරුවී ඇති බැවින් පරීක්ෂණ අවසන්වනතුරු එම සිරුරු සෞඛ්‍ය ආරක්ෂිතව තබාගන්නා ලෙසත් ආදාහනය කිරීම නොකළ යුතු බවත් මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙයි.

එම සිරුරු සම්බන්ධයෙන් බාහිර පරීක්ෂාවන් සිදුකිරීම සඳහා අධිකරණ වෛද්‍ය කණ්ඩායමට අවශ්‍ය අවසරය ලබා දිය යුතු බවත් කොමිසමේ නිර්දේශය වී තිබේ. එම ලිපියේ කොමිසම දක්වා ඇත්තේ කොරෝනා ආසාදිත වූ අයගේ මළ සිරුරු බැහැර කිරිමේ ක්‍රමවේදය හා රෙගුලාසි පිළිබඳව දැන සිටිය ද මේ සිරූරු පරික්ෂණයක කොටසක් බව සහිපත් කරන බවයි.

රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා වෙත මානව හිමිකම් කොමිෂන් සභාව විසින් යොමුකර ඇති ලිපියේ මෙලෙස සඳහන් කර තිබේ.

“ කොරෝනා වයිරසයට ගොදුරු වූ අයගේ සිරුරු පිළිබඳ මරණ පරීක්ෂණ පෑවැත්වීම සඳහා රාගම රෝහලේ පහසුකම් නොමැති වුව ද බෝවන රෝග විද්‍යායතනයේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඇති බවයි. එබැවින් එහි විශේෂඥ දැනුම ලබාගනැනීම සඳහා මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ලබාගත යුතුය.”

මෙම ලිපිය යොමුකර ඇත්තේ නිදහස අහිමිවූවන්ගේ සුබසාධනය සහතික කිරීම සඳහා මානව හිමිකම් කොමිසමට විහේෂයෙන් පැවරෙන බලතල අනුව බව ද ිපියේ දක්වා ඇත.

එම ලිපියේ ඉංග්‍රීසි පිටපත මෙහි සඳහන් කරන අතර සිංහල හා දෙමළ පරිවර්ථන මෙතෙක් ඉදිරිපත් කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

නාමල් CID යයි

error: Content is protected !!