spot_img
spot_imgspot_img

කොරෝනා මළ සිරුරු මෝචරියේ ගොඩ ගැසෙයි. රජයේ වියදමින් හෝ ආදාහනය කර නෑ

පුවත්

විදෙස්

කොරෝනා හේතුවෙන් මියගොස් අද (07) දින දක්වා අවසන් කටයුතු නොකළ මළ සිරුරු 15ක් කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ ගොඩගැසී තිබේ.

මේ සියලු මෘත ශරීර මුස්ලිම් ජාතිකයන්ගේ බව ද කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. මුස්ලිම් ජාතිකයන් විසින් තම ආගමික විශ්වාසය අනුව මෘතදේහ ආදාහනය කිරීමට විරෝධයක් දක්වන බැවින් මිය ගිය එම පුද්ගලයන්ගේ ඥාතීන් විසින් මෘත දේහ භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඒවා මෙලෙස ගොඩගැසී ඇත.

මළ සිරුරු ආදාහනය සඳහා මුස්ලිම් ජාතිකයන් විරෝධය දැක්වීමත් ඊට අවශ්‍ය දැවමය බහාලුම් (මිනී පෙට්ටි) සඳහා යන වියදම ඥාතීන් විසින් ලබා නොදීමත් හේතුවෙන් සිරුරු අදාහනය කළ නොහැකි විය. ඉන් පසු රජයේ වියදමින් සිරුරු ආදාහනය කිරීමට තීරණයක් ගත් අතර ජාතික ආපදා කළමනාකරණ ඒකකය විසින් ඒ සඳහා යන වියදම දැරීමට ද එකඟ වී තිබේ. ඉන් පසු මුස්ලිම් ජාතිකයන් විසින් මරණය ආදාහනය කිරීමට තම විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශයක් ලබාදීමෙන් වැළකී සිටීම හේතුවෙන් රජයේ වියදමෙන් හෝ සිරුරු ආදාහය කිරීමට නොැකි තත්ත්වයක් උදා වී ඇත.

කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මල සිරුරු අණිවාර්යයෙන් ම ආදාහනය කළ යුතු බවත් එය අදාල පුද්ගලයා මියගොස් පැය 24ක් ඇතුළත කළ යුතු බවටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබිණි. මේ සඳහා මුස්ලිම් ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් මතුවූ අතර ඊට එරෙහිව අධිකරණයට මූලික අයිතිවවාසිකම් පෙත්සම් 11ක් ද ඉදිරිපත් කර තිබිණි. එසේ වුව ද එම පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කෙරිණි.

මුසිලිම් ආගමිකයන් පවසන්නේ ඔවුන්ගේ ආගමික විශ්වාසය අනුව මියයන පුද්ගලයන් ආදාහනය කිරීමෙන් ඔවුන්ගේ මතු ආත්මය අහිමිවන බවයි. එමෙන්ම ඔවුන්ගේ ආගමික විශ්වාසය අනුව කෙනෙකු මියගොස් පැය 24ක් ඇතුළත භූමදාන කිරීම සම්ප්‍රදායක්ව පැවැතිණි.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරන්නේ පසුගිය නොවැම්බර් මස 26 වැනි දින සිට මේ දක්වා මියගිය කොරෝනා ආසාදනය වූ මුස්ලිම් ජාතිකයන්ගේ  මෘත දේහ 15ක් එහි ඇති බවයි. ආදාහනය නොකළ පළමු මෘත දේහය පොලිස් මෝචරියට ලැබී ඇත්තේ  26 වැනි දා වන අතර අද (07) තත් එක් සිරුරක් එකතු වී තිබේ.

මෘත දේහයක් සම්බන්ධ කටයුතු කිරීමේ ක්‍රියාවලියේ දී සාමාන්‍යයෙන් සිදුවන්නේ දේහය ඥාතීන් විසින් හඳුනාගැනීමෙන් පසු මරණයට හේතුව තීරණය කර අවසන් කටයුතු සඳහා භාරදීමයි. නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් එම සාමාන්‍ය ක්‍රියාවලිය වෙනස් කරනු ලැබූ අතර කොරෝනා හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු සියල්ල ආදාහනය කිරීමට තීරණය කෙරිණි. එසේ වුව ද එලෙස ආදාහනය කිරීම සඳහා ඥාතීන්ගේ කැමැත්ත අවශ්‍ය වේ. මෙම සිරුරු ආදාහනය කිරීමට නොහැකි වී ඇත්තේ ඥාතීන් ආදාහනයට විරෝධතාව ප්‍රකාශ කිරීම හේතුවෙනි.

අධිකරණ වෛද්‍යවරු පවසන්නේ ඥාතීන්ගේ කැමැත්ත නොමැතිව සිරුරක් රජය විසින් ආදාහනය කිරීමටනම් ඒ සඳහා අධිකරණ නියෝගයක් ගැනීමට සිදුවනු ඇති බවයි.

මේ පිළිබඳ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වීසින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කර ඇති අතර පොලිස් මෝචරියේ එකතු වී තිබෙන මළ සිරුරු ඉවත් කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා එමගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව ද වාර්තා වෙයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!