කොරෝනා මර්ධන එන්නත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට ලබන වසර මැද භාගය පමණ වනතුරු සිටීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රදානී විශේෂඥ වෛද සුදත් සමරවීර පවසයි.
ඔහු පවසන්නේ අධි ශීතකරණ තත්ත්වය මත එම එන්නත තබා ගැනීම සම්න්ධයෙන් මෙරට ප්‍රායෝගික දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවන බව හෙතෙම කීවේය.
“මේ වනවිට එංගලන්තයේ භාවිත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙන එන්නත අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගත යුතුයි. ඒ සඳහා ලංකාවේ පහසුකම් නෑ. ඒ වගේම තවමත් කිසිදු එන්නතක් මහා පරිමාණයෙන් එන්නත් කිරීම සඳහා අනුමත කිරීමක් ලෝකයේ සිදුවෙලා නෑ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමතකරන තෙක් අපි එන්නත් ලබා ගැනීම සිදුකරන්නේ නැහැ. අපේ රටට එන්නත් ලබාගන්නවා නම් ඒ ලබාගැනීම ලබන අවුරුද්දේ මැද හරියකදී වගේ තමයි සිදුවන්නේ. නමුත් අපේ වගේරටක දීර්ඝ කාලීනව බලපුවාම ඒ වගේ අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගෙන යන එන්නතක් ලබාගෙන ජනතාවට ලබාදීමේ විශාල ප්‍රායෝගික දුෂ්කරතා තියෙන්න පුළුවන්,” යනුවෙන් ද ඔහු කීවේය.