spot_img
spot_imgspot_img

පළාත් සභා නව පනතක් පාර්ලිමේන්තුවට ? 2/3ක් අවශ්‍යනම් ගන්නා බව බැසිල් කියයි

පුවත්

විදෙස්

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

බැසිල් රාජපක්ෂ මේ බව කියා ඇත්තේ අයවැය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් හා පැවැති සාකච්ඡාවක් අතරතුර හිටපු මන්ත්‍රීවරුන් විසින් කරන ලද විමසීමක් හේතුවෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් විසින් බැසිල් රාජපක්ෂ දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවක දී කරුණු පැහැදිලි කරමිනි.

ඔහු එහි දී වැඩිදුරටත් පවසා ඇත්තේ එම පනත ලබන වසර මුල දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. එය සම්මත කිරීමට තුනෙන් දෙකක් අවශ්‍යනම් එය ලබා ගැනීමට ද තමන් කටයුතු කරන බව ඔහු කියා තිබේ.

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මණින් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ අපේක්ෂාවෙන් සිටිය ද පැරණි පනතට හා නව පනතට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් මේ වනවිට ගැටලුකාරි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් එබැවින් නව පනතක් ගෙන ඒම පිළිබඳ රජයේ අවධානය යොමුවී ඇති බවත් බැසිල් රාජක්ෂ වැඩිදුරටත් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට පැහැදිලි කර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!