6.4 C
New York

ඉන්දියාවෙන් තවත් අභිරහස් රෝගයක් ?

Published:

ඉන්දිායේ ආන්ද්‍රා ප්‍රදේශ් හි හඳුනානොගත් රෝගයක් පැතිරයන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ. වමනය සමඟ සිහිනැතිවීමේ තත්ත්වයක් පෙන්වන මෙම රෝගය වැළඳුණු 227ක පිරිසක් මේ වනවිටත් රෝහල්ගත කර ඇති බවත් ඉන් එක් අයකු මියගොස් ඇති බවත් වාර්තා වේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙය ආන්ද්‍රා ප්‍රාන්තයේ එලුරු නම් ප්‍රදේශයේ පැතිර යන බවයි. මෙවැනි රෝගයක් පැතිරෙන බව හඳුනාගෙන ඇත්තේ පසුගිය සති අන්තයේ දී ය.

කොරෝනා ආසාදිතයන් වාර්තාවීම අතින් ලෝකයේ දෙවැනි තැනට පත්ව ඇති ඉන්දියාවේ මෙවැනි තවත් මාරාන්තික රෝගයක් පැතිර ගියහොත් ඉතාමත් භයානක ප්‍රතිඵල අත්වනු ඇතැයි ද සෞඛ්‍ය අංශ බිය පළකර ඇත. ආන්ද්‍රා ප්‍රාන්තයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් ලක්ෂ අටක් පමණ හඳුනාගෙන තිබේ.

මෙම රෝගය හඳුනාගැනීම සඳහා පර්යේෂණ කටයුතු දැනටමත් ආරම්භකර ඇති බව ද මාධ්‍ය වාර්තා කරයි.

Related articles

Recent articles

spot_img