5.7 C
New York

සිසුවෝ පාසල් එති. ගුරුවරු නොඑති

Published:

ඇල්පිටිය අධ්‍යාපනය කලාපයට අයත් නවදගල මහා විද්‍යාලයේ අද (07) සිසුන් 59ක් පැමිණ සිටිය ද විදුහල්පතිවරයා හැරුණු විට පැමිණ සිටියේ ක්‍රීඩා ගුරුවරයා පමණි.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කාලප අධ්‍යාපන අධ්‍යක්වරිය විසින් ගුරු උපදේශකවරු පිරිසක් නවදගල මහා විද්‍යාලයට අද දහවල් යවා තිබිණි. විදුහලේ ගුරුවරු 50ක් පමණ සේවය කරන අතර සිසු දරු දැරියන් 300ක් පමණ ඉගෙනුම ලබති.
කෙසේ නමුත් අද පාසලට පැමිණි උසස් පෙළ හා අනෙකුත් පංති වල සිසුන්ට සෞඛ්‍ය උපදෙස් වලට අනුගත වෙමින් ඉගැන්වීම් කටයුතු කිරීමට විදුහල්පතිවරයා කටයුතු කළ බවද වාර්තාවේ.

Related articles

Recent articles

spot_img