5.7 C
New York

බොනවිස්ටා විදුහලේ සිසුන් පැමිණ නෑ

Published:

ගාල්ල බොනවිස්ටා විද්‍යාලයේ සිසු සිසුවියන් කිසිවකු අද (07) විදුහලට පැමිණ නැත.

මෙම විදුහලේ නම වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් කොරෝනා ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් මේ තත්ත්වය උදාවන්නට ඇතැයි විදුහල්පති කරුණාරත්න ගනේවත්ත පවසයි. මෙම සිසුවිය, ඇගේ සොහොයුරා සහ මවත් පියාත් යන පවුලේ සියලු දෙනාම කොරෝනා ආසාදනය වූ බව තහවුරු වි තිබේ. ඔවුන් කොළඹ අයිඩිඑච් රෝහලේ සේවය කරන හබරාදුව පදිංචි හෙදියගේ ආශ්‍රිතයන්ය.

ආසාදිත බවට හඳුනාගෙන ඇති එම ශිෂ්‍යාව මෙවර පාසල් ආරම්භ කළ පසු එකම දිනක් හෝ පාසලට පැමිණ නැත. එසේ වුව ද ලබන වසර සඳහා පෙළපොත් ලබා දිමේ දී ඇයට නියමිත පොත් කට්ටලය නිකුත් කර ඇති බව ද විදුහල්පතිවරයා කීවේය.

ඒ පිළිබඳ විමසීමේ දී සිසුවියගේ මව පවසා ඇත්තේ තමන් පාසලේ වෙනත් සිසුවියකගේ මවක මාර්ගයෙන් පොත් කට්ටලය ගෙන්වාගත් බවයි. ඇය එසේ කියා ඇතත් එම මව පොත් ගෙන්වාගත් තැනැත්තිය ද ආසාදිත මවගේ ආශ්‍රිතයකු වී තිබෙන්නේ ද යන්න පිළිබඳ සෞඛ්‍ය අංශ සමඟ සොයාබලමින් සිටින බවත් ආසාදනය වූ එම පවුලේ අය විසින් පැවැත්වූ සාදයකට සහභාගී වූ විදුහලේ අනිත් ශිෂ්‍යාවන් පිළිබඳව ද කරුණු සොයාබලා සෞඛ්‍ය අංශවලට දැනුම් දීමට කටයුතු කරන බව ද විදුහල්පතිවරයා කීවේය.

Related articles

Recent articles

spot_img