6.4 C
New York

මහර බන්ධනාගාරයේ මියගිය අයට සිදුවන දේ

Published:

මහර බන්ධනාගාරයේ පසුගිය දා ඇති වූ සිද්ධියෙන් මියගිය රැඳවූවන්ගේ හඳුනාගත් මෘත ශරිර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වුව ද එම මෘත ශරිරවල අවසන් කටයුතු සිදු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

ගැටුමෙන් මියගිය අය අතරින් මේ දක්වා හඳුනාගෙන ඇත්ත් 07 දෙනකුගේ සිරුරු පමණි. ඉන් සිරුරු 03ක් මියගිය අයගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇති අතර අනෙක් 04 හඳුනාගෙන ඇත්තේ පොලිසිය සතුව ඇති ඇඟිලි සළකුණු පරික්ෂා කිරීමෙනි.

එලෙස හඳුනාගත් සිරුරු තුනක පශ්චාත් මරණ පරීක්ෂණ මේ වනවිට සිදුකර අවසන්ව ඇත. මියගිය 11 දෙනාාගෙන් 10 දෙනකුම කොරෝනා ආසාදිතව සිටි අය බව හඳුනාගෙන ඇත.

මේ අතර මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 116 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගේ මෙහෙයවීම යටතේ සිදුකරන මෙම විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරින් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related articles

Recent articles

spot_img