5.7 C
New York

මරණ සංඛ්‍යාව තව 03කින් ඉහළ යයි

Published:

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවට තවත් මරණ 03ක් අද (06) එකතු වූ බවත් ඒ හේතුවෙන් සමස්ථ මරණ සංඛ්‍යාව 140ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

අද (06) වාර්තා කර ඇති මරණ පිළිබඳ පහත දක්වා ඇත

  • කෝට්ටේ පදිංචි 98 හැවිරිදි පිරිමි පුද්ගලයකු හෝමාගම මූලික රෝහලේ දී අද (06) මියගොස් ඇති. ඔහුගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයකි.
  • කහතුඩුව පදිංචි 80හැවිරිදි පිරිමි පුද්ගලයකු හෝමාගම රෝහලේ දී ඊයේ (05) මියගොස් ඇත. ඔහු කොරෝනා සමග ඇති වූ වකුගඩු අක්‍රියවීමක් හේතුවෙන් මියගොස් ඇතැයි සඳහන් කර ඇත.
  • මග්ගොන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයකු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (05) මියගොස් ඇති අතර කොරෝනා නිව්මෝනියාව මරණයට හේතුව ලෙස දක්වා ඇත.

Related articles

Recent articles

spot_img