spot_img
spot_imgspot_img

ගාල්ලේ වෛද්‍යවරයෙක් නිරෝධායන නීති කඩයි. ආසාදිතයකුගේ පළමු ආශ්‍රිතයෙක්

පුවත්

විදෙස්

ගාල්ලේ බද්දේගම පාසල් ශිෂ්‍යාවක් කොරෝනා ආසාදිත වූ බව වාර්තාවීමෙන් පසු ඇයගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමුකිරීමේ වැඩපිළිවෙල වෛද්‍යවරයකුගේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් අඩපණ වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති.

එම සිසුවිය උදරයාබාධයක් හේතුවෙන් තම මව සමඟ ගොස් පසුගිය 03 වැනි දා හික්කඩුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අසළ ඇති පුද්ගලික බෙහෙත් ශාලාවකින් ප්‍රතිකාර ලබා ඇති අතර එම ස්ථානයට ඇය අවස්ථා තුනක දී ගිය බව ද සිසුවිය විසින් දැනුම් දී තිබේ.

දැරියගෙන් ලැබුණු එම තොරතුරු අනුව අදාල පුද්ගලික බෙහෙත් ශාලාව විෂබීජහරණය කිරීම සහ එහි දී දැරියට ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරයා පළමු ආශ්‍රියකු බැවින් අනිවාර්ය නිරෝධායනයකට යොමු කිරීම අත්‍යාවශ්‍ය කරුණකි.

එසේ වුව ද මෙම වෛද්‍යවරයා තමන්ට දෝෂාරෝපණය කරමින් නිරෝධායනය වීම ද දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති. කොරෝනා ආසාදිත වූ සිසුවිය එහි ගිය බව තහවුරු කර ඒ බව වෛද්‍යවරයාට දැනුම් දී ඇතත් ඔහු තම අභිමතය පරිදි අද (06) දිනයේ පවා අදාල බෙහෙත් ශාලාව විවෘත කර රෝගී සත්කාරක සේවා සිදුකර තිබේ. මෙම වෛද්‍යවරයා පීසීආර් පරීක්ෂණයකට ලක්වීම ද ප්‍රතික්ෂේප කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

මෙම වෛද්‍යවරයා වෛද්‍යවරුන්ගේ සංගමයක ප්‍රාදේශීය වශයෙන් ප්‍රධාන නිලයක් ද හොබවනු ලබන අතර ඔහු රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ද කළකට ඉහත ඉතා විශාල වගකීමක් හෙබවීමෙන් අනතුරුව මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරනු ලබන අයෙකි. එම සිසුවිය ඔහුගෙන් ප්‍රතිකාර ලබාගත් දිනයේ සිට වෛද්‍යවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට සේවය සඳහා ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම වෛද්‍යවරයා පිළිබඳ වහාම පියවර නොගතහොත් කොරෝනා මර්ධන වැඩපිළිවෙල රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසය තුළ තවදුරටත් පවත්වාගෙන යාම පළක් නොවන බව ද සෞඛ්‍ය සේවකයන්ගේ මතය වී ඇත.

ඔහු මෙසේ හැසිරෙන්නේ තම වෛද්‍ය වෘත්තීය සංගමයේ බලය භාවිතා කරමින් ද යන්න සැකයක් පවතින්නේ යැයි ද ඔවුහු චෝදනා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!