5.7 C
New York

ගාල්ලේ වසා දැමුණු පාසල් ලේඛනය මෙන්න

Published:

කොරෝනා අවධානම් තත්ත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් හෙට (07) සඳුදා සිට නැවත දැනුම් දෙනතුරු වසා දමන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා පවසයි. මේ වනවිට ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බල ප්‍රදේශයේ කොරෝනා අවදානම පිළිබඳ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කිරීමෙන් පසු යළි පාසල් විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බව ද ලේකම්වරයා කීවේය.

ගාල්ල අධ්‍යාපන කලාපයට අයත් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ ජාතික පාසල් 09ක් හා පළාත් සභා පාසල් 21ක් ලෙස පාසල් 30ක් මෙලෙස වසා දැමීමට තීරණය කර ඇත. ගාල්ල අධ්‍යාපන කලාපයේ අක්මිමණ  හබරාදුව හා බද්දේගම අධ්‍යාපන කොට්ඨාසවල පාසල් සාමාන්‍යපරිදි පැවැත්වෙන බව ද ලේකම්වරයා කියා සිටියේය.

වසා දමනු ලබන පාසල් ලේඛනය පහත සඳහන් කර ඇත.

  1. මහින්ද විද්‍යාලය
  2. රිච්මන්ඩ් විද්‍යාලය
  3. රිපන් බාලිකා විද්‍යාලය
  4. සංඝමිත්තා බාලිකා විද්‍යාලය
  5. සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලය
  6. ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලය
  7. විද්‍යාලෝක විද්‍යාලය
  8. සහිරා විද්‍යාලය
  9. මහල්හරුස් සුල්හියා විද්‍යාලය

පළාත් සභා පාසල්

  1. ශ්‍රී හෘදය කන්‍යාරාමය
  2. දංගෙදර ජයවර්ධන මහා විද්‍යාලය
  3. ඇත්තිලිගොඩ සුදර්ශි මහා විද්‍යාලය
  4. ගිංතොට මහා විද්‍යාලය
  5. පියතිස්ස මහා විද්‍යාලය
  6. ඔ්ල්කොට් මහා විද්‍යාලය
  7. පරමානන්ද මහා විද්‍යාලය
  8. සුධර්මා මහා විද්‍යාලය
  9. ඔ්ල්සෙන්ට්ස් මහා විද්‍යාලය
  10. දඩල්ල බී.ටී.එස්. මහා විද්‍යාලය
  11. ගිංතොට ධර්මපාල කණිෂ්ඨ විද්‍යාලය
  12. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලය
  13. උක්වත්ත කණිෂ්ඨ විද්‍යාලය
  14. මුස්ලිම් බාලිකා මහා විද්‍යාලය
  15. උස්වතුන් හසනා විද්‍යාලය
  16. දඩල්ල අල්-මුබාරක් කණිෂ්ඨ විද්‍යාලය
  17. හිරිඹුර සුලෙයිමානියා විද්‍යාලය
  18. කන්දෙවත්ත ත අල්-මිරාන් කණිෂ්ඨ විද්‍යාලය
  19. අල්හාජ් ඒ.ආර්.එම්.තාසිම් විද්‍යාලය
  20. අනුලාදේවී බාලිකා විද්‍යාලය
  21. අල් අක්සා ප්‍රාථමික විද්‍යාලය

(ලංකින්ද නානානයක්කාර)

Related articles

Recent articles

spot_img