spot_img
spot_imgspot_img

බ්‍රිතාන්‍ය එන්නත හරියන්නේ නැතැයි රාජ්‍ය ඇමති චන්න ජයසුමන කියයි

පුවත්

විදෙස්

බ්‍රිතාන්‍යයන් විසින් පසුගිය දා භාවිත කිරීමට අනුමත කරන ලද ෆයිසර් සහ බියොන්ටෙක් සමාගම විසින් නිපදවූ කොරෝනා එන්නත ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම ප්‍රායෝගිව අපහසු බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමනය භාර රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී දේශපාලනඥයන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ඔහු ඒ බව මාධ්‍යවේදීන්ට ද කියා තිබිණි.

මහාචාර්ය ජයසුමන පවසන්නේ ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකවේ මෙම එන්නත ප්‍රවාහනයේ දී සහ ගබඩා කිරීමේ දී ඉතා අධික ශීත දාමයක් පවත්වාගෙන යා යුතු බවයි. එය සෙල්සියස් අංශක සෘණ 70ක් පමණ අගයක් ගන්නා බව ද ඔහු පැවසීය. එවැනි අධික ශීතලක ගබඩා කිරීමේ පහසුකම් අපේ රටේ නොමැති බවත් ඉතා සුළු ඉඩක් විශ්වවිද්‍යාල කිහිපයක හා ලේ බැංකුවේ පමණක් ඇති බැවින් මෙවැනි එන්නතක් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීම ප්‍රායෝගික නොවන බව ඔහු පවසයි.

කෙසේ වෙතත් පසුගිය දිනවල මහාචාර්ය චන්න ජයසුමනගේ මැදිහත්වීමෙන් පාරම්පරික වෙද මහත්මයකු බව පවසන පුදගලයකු විසින් කොරෝනා සුවකරන බව පවසන පැණියක් ද හඳුන්වා දී තිබිණි. ඒ සම්න්ධයේන මේ වනවිට වෛද්‍යවරුන්ගේ සහ සමාජයේ ද විවේචන එල්ල වෙමින් පවතී. එම පැණිය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි ද පානය කරන අයුරු මාධ්‍ය මගින් ප්‍රචාරය කර තිබිණී,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!