spot_img
spot_imgspot_img

නිරෝධායනය නොතකා දානය දුන් දායකයාට කොරෝනා. හිමිවරුත් නිරෝධායනයේ

පුවත්

විදෙස්

කොරෝනා ආසාදනය වූ බව හඳුනාගත් පුද්ගලයකු ඊට පෙර ස්වයං නිරෝධායයට යොමුකර සිටි කාලයේ දී කැලණිය සපුගස්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානයකට දානය පිරිනැමීම හේතුවෙන් භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමුකර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පුද්ගලයා පසුගිය නොවැම්බර් 28 වැනි දා පළමු පීසිආර් පරික්ෂණයට ලක්කර තිබූ අතර ඉන් පසු දෙවැනි පීසීආර් පරීක්ෂණය සිදුකරන තුරු නිවසේ නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී තිබිණි. එසේ ලැබුණු උපදෙස් නොතකමින් ඔහු නොවැම්බර් 29 වැනි දින (පොහොය දිනය) තම නිවසේ දාය පිළියෙල කරගෙන විහාරස්ථානයට රැගෙන ගොස් ඇත.

මාකොළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. පෙරේරා පවසන්නේ එදින විහාරස්ථානයේ ආගමික වතාවත් සඳහා තවත් පිරිසක් සම්න්ධ වී ඇති බවයි. අනතුරුව ඔහුගේ දෙවැනි පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා සහ ආගමික වතාවත් සඳහා සහභාගී වූ අනෙක් සියලු දෙනාම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර ඒ සියලු දෙනාගේම පීසීආර් පරීක්ෂණ තවත් දින කිහිපයකින් සිදුකරන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!