කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව ඇතැම් පුද්ගලයන් හා විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් පවතින දේශිය ඖෂධයක් ලෙස පෙන්වන පැණියක් පානය කිරීමට නිරෝධායනය වන පිරිස් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සිටින බැවින් බරපතල ගැටලුවක් ඇතිවෙමින් පවතින බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ නිල Facebook පිටුවේ දක්වා ඇත.
මේ හේතුවෙන් කොරෝනා පැණි පොකුරක් බිහිවනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
ව්‍යාජ ප්‍රචාරයන් හේතුවෙන් කිසිම ආකාරයකින් කොරෝනා ප්‍රතිකාරයක් ලෙස පිළිගෙන හෝ නිර්දේශ කර හෝ නොමැති පැණි පානයක් ගැනීමට ඇතැම් පුද්ගලයන් පෙළඹීමේ අහිතරක ප්‍රතිඵල අත්විදින්නට සිදුවන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, ග්‍රාම නිලධාරීවරුන්ට හා ආරක්ෂක අංශවලට බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පිටුවේ දක්වා තිබේ.
” බටහිර වෛද්‍යවරුන් ගේ කුහක කම” නිසා මෙම ප්‍රතිකාර ක්‍රමයට විවේචනය කිරීමක් ලෙස වැරදි වැටහීමක් ඇතිකර නොගන්නා ලෙස ඉල්ලා සිටින බව ද තමන් හොරෙන් හෝ මේ ප්‍රතිකාර ගැනීමට යාමේ දී පොදු ප්‍රවාහන සේවා භාවිතා නොකරන ලෙසත් ශල්‍ය මුඛ ආවරණයක් හෝ N 95 වැනි මුඛ ආවරණයක් භාවිතා කරන ලෙසත් එහි සටහන් කර ඇත. එමෙන්ම අතරමග කෙළ ගැසීමෙන් වළකින ලෙස ද දැනුම් දී තිබේ.
තමන් කුමන පානයක් ලබාගත්ත ද නිරෝධායන කාලය තුල බැහැර යාමෙන් වළකින ලෙස ද ඔවුන් දැනුම් දෙයි.
කෑගල්ල , බුලත්කොහුපිටිය, හා අරණායක කොට්ඨාශ වල නිරෝධායන කටයුතු වලට මෙහි දැඩි බලපෑමක් ඇතිව තිබෙන බැවිනි මෙතෙක් දැඩි කැපවීමෙන් සිදු කල COVID 19 පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යනු ඇතැයි ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ facebook පිටුවේ දක්වා තිබේ.